චීනයේ කෘමිභක්ෂක ශාක ප්‍රදර්ශනය

2025 පෙබරවාරි මස 23 පෙ.ව. 12:30 - {{hitsCtrl.values.hits}}  

චීනයේ ෂැංහයි නුවර උද්භිත උද්‍යානයේ බලධාරීහු පසුගියදා කෘමිභක්ෂක ශාක ප්‍රදර්ශනයක් පැවැත්වූහ.

මෙහිදී, පියන් දෙකක් ආකාරයට ඇති කෘමීන් සිරකරගැනීමට සමත් Venus flytrap ශාක, කෘමීන් ගොදුරු කරගත හැකි කෙන්ඩියක ආකාරය දරන  Nepenthes distillatoria(බාඳුරා) ඇතුළු ශාක කෘමිභක්ෂක ශාක වර්ග 250ක් පමණ ප්‍රදර්ශන කෙරිණි.ශ්‍රී ලංකාවේ සිංහරාජය, කන්නෙලිය වැනි වනාන්තරවල දක්නට ලැබෙන බාදුරා සහ චීනයේ පැවති බාදුරා විශේෂ අතර වෙනස්කම් මෙම ඡායාරූපවලදී දක්නට වෙයි. බාදුරා ශාකයේ පියන ලෙස පවතින කොටසෙහි විවිධ වර්ණ, නාරටි සහ හැඩ විවිධය.මෙම කෘමිභක්ෂණ ශාක ප්‍රදර්ශනය නැරඹීමට චීනයේ පාසල් ළමෝ, ගුරුවරු සහ සංචාරකයෝ පැමිණ සිටියහ.මෙය ෂැංහයි උද්භිත උද්‍යානය පැවැත්වූ දෙවන කෘමිභක්ෂක ශාක ප්‍රදර්ශනයයි.

(ෂිංහුවා නෙට් ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...