අනුරාධපුර දිසාවේ පළමු අදියර පුහුණු පාඨමාලාව

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:17 - {{hitsCtrl.values.hits}}  

අනුරාධපුර දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පළමු අදියර බාලදක්ෂ නායක පුහුණු පාඨමාලාවක් 2016 නොවැම්බර් මස 29 වැනිදා අනුරාධපුර දිසා බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. අනුරාධපුර දිසාවෙහි මෙතෙක් බාලදක්ෂ කණ්ඩායම් නොමැති පාසල් නියෝජනය කරමින් ගුරුවරුන් 25 දෙනෙක් මෙම පුහුණුව සදහා සහභාගි වූහ. පාඨමාලා නායක ලෙස එච්.එස්. ගුණපාල මහතා කටයුතු කළ අතර, උප නායක ලෙස ජී.බී.එස්. වීරවික්‍රම මහතා කටයුතු කලේය. දිසා කොමසාරිස් කේ.ඩී.සී. දසනායක මහතා, ස.දි.කො. පුහුණු ජයලාල් උදයකුමාර මහතා, රාජසිංහ හේරත් මහත්මිය, වයි.එම්. යසවතී මහත්මිය ආචාර්ය මණ්ඩලය ලෙස කටයුතු කළහ.​ ඒ අනුව පුහුණුව නිමාකළ ගුරුවරුන් විසින් ඉදිරියේදී මෙතෙක් බාලදක්ෂ කණ්ඩායම් නොමැති පාසල්වල නව බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරනු ඇත.
15203376_1138624266187159_313576335119549453_n 15230796_1138624502853802_8773427198502999969_n 15241407_1138624679520451_1012027721004146033_n 15267672_1138630466186539_4996793151168979950_n 15284037_1138624529520466_2306652899649719171_n 15327508_1138629746186611_4744022155511863062_n
සටහන - චමින්ද වාරියප්පෙරුම

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...