අලුත් අවුරැද්දේ -බාලදක්ෂ කාමරය සිතුවම් කරමු ....

2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:06 - {{hitsCtrl.values.hits}}  

ගම්පහ දිසා බාලදක්ෂ සංගමයේ ක්‍රියාකාරී බාලදක්ෂ කණ්ඩායමක් ලෙස රිජන්ට් ජාත්‍යන්තර පාසලේ බාලදක්ෂයින් පත්ව ඇත. එම කණ්ඩායමේ මාර්ගෝපදේශිකාව පුහුණු කිරීමේ නායිකා ප්‍රියන්ති ජයකොඩි මහත්මියයි. නව තෙමහල් ගොඩනැගිල්ලේ පහත මාලය විදුහල්පතිතුමාගේ උපදෙස් මත බාලදක්ෂ කටයුතු සඳහා වෙන්කර ඇත. නව බාලදක්ෂ කුටිය බාලදක්ෂයින්ට භාරදීමට පෙර එය සිතුවමින් අලංකාර කොට තිබුණේ මෙසේ ය. සිතුවමින් අලංකාර කළ බාලදක්ෂ කුටියේ වැඩි ඉඩක් වන කථාවේ චරිත සඳහා වෙන් කර ඇත. බාලදක්ෂ ගැට, ගිනිමැල, ලිප් ක්‍රම දැක්වෙන රෑප සටහන් නිවැරදිව සිතුවම් කොට නම් කර ඇත්තේ ද බාලදක්ෂයාට ප්‍රයෝජනවත් වන අයුරින්ය. උදා වූ නව වසරේ දී ඔබේ බාලදක්ෂ කුටියට නව හැඩයක් සහ පෙනුමක් එකතු කරන්නට ඔබටත් හැකි වූයේ නම්  ලබා ගත් ඡායාරෑප කිහිපයක් සමග විස්තර, විජය බාලදක්ෂ කඳවුර තැ.පෙ. 2037 කොළඹ යන ලිපිනයට එවිය හැකිය. 


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...