2024 නොවැම්බර් මස 25 පෙ.ව. 12:46 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් එළිමහන් කටයුතු කිරීමේ දී තම ආරක්ෂාව පිළිබඳව සිහිනුවණින් කටයුතු කළ යුතුය. එවැනි අවස්ථාවකට මුහුණ දීමටත්, සතුරැ ආක්රමණයක දී ක්රියාකළ යුතු අන්දමත් ඔබ දැනුම්වත් කෙරේ. මෙහි දැක්වෙන්නේ එවැනි වූ හදිසි සතුරැ ආක්රමණයක දී, ඔබගේ ආත්මාරක්ෂාව සලසා ගත යුතු ආකාරයයි. එම දැනුම මග තොටේ දී, පදික වේදිකාවේ දී, බස් රථයේදී ඔබට ප්රයෝජනවත් වනු ඇත.
ආත්මාරක්ෂක
ආවරණය - 1
ඔබ නොහඳුනන පුද්ගලයකු ඔබ නොසිතූ විටක ක්රියාත්මක වූ අවස්ථාවක මෙය අනුගමනය කළ හැක. සතුරා ඔබගේ එක් අතකින් අල්ලා ගත් විට එසැණින් ඔබ ක්රියාත්මක විය යුතුය. ඔබගේ නිදහස් අත සතුරාගේ නාසය, ඇහිබැම, උගුර වෙත යොමු කර තෙරපීමකට ලක් කළ යුතුය. ඔහුගෙන් මිදීමට ඔබගේ පාදයෙන් වැරෙන් පහරක් සතුරාගේ දණහිසට යොමු කළ හැක. සතුරා මෙල්ල වූ වහාම ඔහුගෙන් මිදී ඔබ පලා යා යුතුය. වැඩිහිටියෙකු වෙත වේගයෙන් දිවගොස් ඔබ ඔබගේ ආරක්ෂාව තහවුරැ කර ගත යුතුය.
ආත්මාරක්ෂක ආවරණය - 2
ඔබ නොහඳුන්න පුද්ගලයකු ඔබට පසුපසින් පැමිණ ඔබව තදින් අල්ලා ගත් විටකදී මෙසේ ක්රියාත්මක විය හැක. ඔබගේ පාදයේ වැරෙන් පහරක් ඔහුගේ පාදයට එල්ල කළ හැකිනම් එක්වර සතුරා මෙල්ල වෙයි. අසල්වැසියන්ට ඇසෙන්නට කෑගසන්න. එසැණින් සතුරා මෙල්ල වූ වහා ආරක්ෂිත වූ ස්ථානයකට වේගයෙන් දිව යන්න.
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |