2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:43 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ රහස් නිරීක්ෂකයා යනු කවරෙක්ද?
යම් සිදුවීමකට ඉඩ දී ඊට කිසිදු ආකාරයක මැදිහත් වීමක් නොකොට ඒ දෙස පූර්ණ අවධානයෙන් රහසේ බලා සිටින්නා %බාලදක්ෂ රහස් නිරීක්ෂකයා^ ලෙස නිර්වචනය කළ හැකිය.
නවක බාලදක්ෂ අවධියේ සිටම රහස් නිරීක්ෂණයට බාලදක්ෂයෝ පුහුණු කරනු ලබති. එය සෑම බාලදක්ෂයකුගේම ප්රවීණතාවක්ය.
සිද්ධියක් අධ්‍යයනය කිරිම ජීවන අත්දැකීමක් බවට පත් කර ගත යුතුය
මතු දැක්වෙන නිර්වචනයෙහි වැදගත් රීතියක් ඇත. එනම් ඔබ නිරීක්ෂණය කරන්නේ %කුමන සිදුවීමක්ද?^ එම සිදුවීම කෙතරම් භයානක, සංවේදී, අනුවේදනීය එකක් වුවද කිසිදු හේතුවක් මත ඊට මැදිහත් නොවීමය. මේ සදහා බාලදක්ෂයා මනා ඉවසීමක් හා සංයමයක් පුරැදු පුහුණු කළ යුතුය.ඒ සඳහා මෙහි දැක්වෙන අභ්‍යාස තුන ප්‍රයෝජනයට ගත හැකිය.
සතුන් නිරීක්ෂණය කිරීම
බාලදක්ෂ කණ්ඩායමක් සමග වනගත ගවේෂණයකට සහභාගි වන විට සතුන්ගේ ජීවන රටා අධ්‍යයනය කළ හැකිය. සතුන්ට නොදැනෙන ලෙස ඔවුන් වෙත ළංවීම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම, ඔවුන්ගේ සන්නිවේදන කුසලතා හඳුනා ගැනීම, ඔවුන්ගේ පිටසටහන් නිරීක්ෂණය කිරීම, කුරැලු කූඩු නිර්මාණය කිරීමේ රටා අධ්‍යයනය කිරීම ඔවුන්ගේ පරිභෝජන රටා හඳුනා ගැනීම ආදිය ඔබේ නිරීක්ෂණයට ලක් කළ හැකිය.
රහසේ පසුපසින් හඹා යාම
බාලදක්ෂ ඔබට නිරීක්ෂණය ප්‍රගුණ කළ හැකි තවත් ක්‍රමයක් ඇත. එනම් ඔබ තෝරාගත් පුද්ගලයකු පිටුපසින් ඔහුට නොදැනෙන ලෙස රහසිගතව ගමන් කිරිමය. තෝරා ගත් නිශ්චිත වේලාවක දී මෙම අභ්‍යාසය කළ හැකිය. බාලදක්ෂ කණ්ඩායම් ඔබේම මිතුරකු පසු පසින් ඔහුට නොදැනෙන සේ ගමන් කර ලබා ගත් අත් දැකීම පසුදිනක පවත්වන බාලදක්ෂ සැසියකදී සියල්ලන් හමුවේ සාකච්ඡා කළ හැකිය. එය, රහසේ යම් පුද්ගලයෙකු පසුපස ඔහුට නොදැනෙන සේ ගමන් කිරීම ප්‍රගුණ කළ හැකි ආරම්භක ක්‍රියාකාරකමකි. වෙස් වලා ගත් ඔබ නිශ්චිත ස්ථානයකට වී සියැසින් සිද්ධි නිරීක්ෂණය කිරීම.
බාලදක්ෂ ව්‍යාපාරය ලොවට හඳුන්වා දුන් බේඩින් පවෙල් සාමිතුමා දක්ෂ රහස් නිරීක්ෂකයෙකි. වෙස් වලාගත් ඔහු දින ගණන් සිද්ධි නිරීක්ෂණය කළේය. ලබාගත් තොරතුරැ විශ්ලේෂණය කළ අවස්ථා බාලදක්ෂ විද්‍යාව නම් කෘතියේ දක්වා ඇත. එය කියවීමෙන් ලබාගත් දැනුම අනුසාරයෙන් ඔබටත් අත්හදා බැලීම් කළ හැකිය. සැක නොසිතෙන අයුරින් වෙස්වලා ගනිමින් සමාජයේ හැසිරීම නව ජීවිත අත්දැකීමක් වනු ඇත. වෙස්වලා ගනිමින් නිරීක්ෂණය කරන්නේ කුමක්ද? එහි ප්‍රයෝජන මොනවාද? ඒ සඳහා කෙතරම් කාලයක් මිඩංගු කරනවාද? ඒ සඳහා සුදුසු සැලසුම කුමක් ද යන්න නිරීක්ෂණය ආරම්භ කිරීමට ප්‍රථම බාලදක්ෂයින් සිතා බැලිය යුතුය.
බාලදක්ෂ නිරීක්ෂකයකු වීමට අනුගමනය කළ යුතු කරැණු
මානසික ඒකාග්‍රතාව රුකගැනීම
සිද්ධි ඔබට අවශ්‍ය වේලාවට අවශ්‍ය ආකාරයට සිදු නොවෙයි. එම නිසා සිදුවීම් සිදුවන්නට ඉඩ හැර කාලය ගත කරමින් සන්සුන් මනසකින් යුතුව පූර්ණ අවධානය නිශ්චිත ඉලක්කයක් මත රුඳවීමට බලාදක්ෂයින් පුහුණු විය යුතුය. ඒ සඳහා ඔබ ඉවසීමේ ගුණය මනාව ඔපවත් කරගත යුතුය.
ශාරීරික ඒකාග්‍රතාව රුක ගැනීම
ඒ මේ අත ගමන් කරන, නොසන්සුන් මනසකින් යුතු කලබලකාරයකුට බාලදක්ෂ නිරීක්ෂකයකු විය නොහැකිය. බාලදක්ෂ නිරීක්ෂකයා තම සිරැර සංවර කර ගනී. තමන් තෝරා ගත් ඉරියව්වෙන් බොහෝ වේලා නිහඬව බලා සිටී. එය භාවනාවකට සමාධිගත වුවාක් වැනිය. බාලදක්ෂ නිරීක්ෂකයකු ලෙස වෙස් වලා ගත් විට ඔහු එම චරිතයට සම වැදී චරිතය තුළ ජීවත් වෙයි. එසේ කරන්නේ කෙසේ දැයි අත්දැකීමෙන් ඉගෙන ගත යුතුය.
පෞද්ගලික ආරක්ෂාව තහවුරැ කර ගනී.
සතුන් නිරීක්ෂණය කරන අවස්ථාවක අනවශ්‍ය ලෙස සතුන් අසලට නොගොස් නිරීක්ෂණය කළ යුතුය. මැසි මදුරැ කෘමි ප්රහාරයන්ට ලක් නොවීමට පිළියම් යොදා ගත යුතුය. ජීවිතය අවදානමේ හෙළා දමමින් අනවශ්‍ය පුද්ගලයන් පසුපස හඹායමින් නිරීක්ෂණය නොකළ යුතුය. වෙස්වලා සිටිමින් සහභාගීත්වය නිරීක්ෂණයෙහි නියැළෙන අවස්ථාවක අත්‍යවශ්‍ය වු විටකදී තම අනන්‍යතාව හෙළි කිරීමට ඉදිරිපත් විය යුතුය. බාලදක්ෂ නායකයා විදුහල්පතිතුමා හෝ ආරක්ෂක නිලධාරීන් වෙත තම අනන්‍යතාව සහ අවශ්‍යතාව නොපමවාව හෙළි කළ යුතුය.
තොරතුරැ සියල්ල වාර්තා කර ගනී.
බාලදක්ෂ නිරීක්ෂකයකු තමන්ට ලැබෙන සියලු තොරතුරැ සටහන් කළ යුතුය. හැකි නම් හඬ පටිගත කළ යුතුය. රෑප ඡායාරෑප බවට පත් කළ යුතුය. සිද්ධි වීඩියෝ ගත කළ යුතුය. තොරතුරැ විශ්ලේෂණය කිරීමේදී ඒවා අතිශය වැදගත් වනු ඇත. බාලදක්ෂ ලොග් සටහන් පොතේ ඔබ කළ ප්‍රථම බාලදක්ෂ නිරීක්ෂණයේ තොරතුරැ සටහන් කර තැබිය යුතුය.
නිගමනයන්ට එළැඹිම
ඔබ සතු සියලු වාර්තා සන්සන්දනය කොට විශ්ලේෂණය කිරීමෙන් අනතුරැව නිගමනයන්ට එළැඹිය යුතුය. ඒම වාර්තා රසවත් කථා ලෙස ඉදිරිපත් කිරීමට බාලදක්ෂ නිරීක්ෂකයින් පුහුණු විය යුතුය. කාණ්ඩ නායක සභාව, කාණ්ඩ රැස්වීම, රාත්‍රී ආහාරයෙන් පසු ගිනිමැලය වටේ හිඳගත් බාලදක්ෂයින් වෙත කියන රස කථාවක් ආකාරයෙන් වුවද මෙවැනි නිරීක්ෂණ වාර්තා එළිදැක්විය හැකිය.
මුවා වී ලුහුබඳින්නේ මෙහෙමයි
තැනිතලාවක හෝ කඳු මුදුනකදී
තණකොළ පිට්ටනියකදී, කඳු මුදුනකදී එසේත් නැති නම් හිස් අවකාශයක් මත ඔබ හිටගත් විට එකවරම ප්‍රදර්ශනය වෙයි. එය නිරීක්ෂණයට බාධාවක්ය. එබැවින් සෑම විටම පොළවට සමාන්තරව බිම දිගා වී හෝ දණහිසින් නැවී සිද්ධි නිරීක්ෂණය කළ යුතුය.
ගසක් මුල හැංගෙන්න
සතුන් නිරීක්ෂණය කරන අවස්ථාවකදී ගසකට මුවා විය හැකිය.
එහෙත් කිසිදු විටක ගස පිටුපස සෘජුව හිට ගනිමින් නිරීක්ෂණය කිරීම නොකළ යුතුය. ඒ සඳහා සුදුසුම ඉරියව්ව මෙහි දක්වා ඇත. ගස මුල වාඩි වී ගස යට ඇති කුඩා පඳුරැ අතරින් හිස ඔසවා නිරීක්ෂණය කිරීමට පුරැදු විය යුතුය.
ගල් කුලක හැංගී නිරීක්ෂණය කිරීම
කුඩා කඳු ගැටයක් හෝ ගල් කුළක් මත හිස රඳවා නිරීක්ෂණය කිරීමෙන් ඔබව එකවර හඳුනා ගත හැකි වෙයි. එහෙත් ගල් කුළ පාමුල පඳුරැ අතරින් හිස ඔසවා සිද්ධි නිරීක්ෂණය කිරීම ප්‍රගුණ කළ යුතුය.
නිසොල්මන්ව ඇවිදීම
යම් කිසි අවකාශයක් මත ඇවිදින විට ඔබගේ පාදයේ ඉදිරි කොටසට වැඩි බරක් යොදා චලනය කිරීමෙන් නිසොල් මන්ව ඇවිද යා හැකිය. එවිට දිරා ගිය කොළ රොඩු පෑගෙන හඬ, අතු බිඳෙන හඬ, පය ගැටෙන හඬ ආදියෙහි ශබ්දය අවම වෙයි. ඔබේ ගමනාන්තය වෙත රහසිගතව ළංවීමට එය හේතුවක් වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |