කඳවුරේ දොරටුව ගැනයි‍

2025 ජනවාරි මස 30 ප.ව. 11:54 - {{hitsCtrl.values.hits}}  

දොරටුවක් යනු එක් අවකාශයකින් තවත් අවකාශයකට යෑම සඳහා නිර්මාණය කළ අංගයකි. මෙය ඉතා සරල මට්ටමේ විවෘත  තලයක සිට කුලුනු සහිත වූත් විවිධ හැඩතල ඔස්සේ ඉදිරියට නෙරමින් හා පරිමාණයන් වෙනස් කරමින් කරන ලද ඉතා සංකීර්ණ අවකාශයක් දක්වා විකාශනය කළ හැක. 
ලෝකයේ සුවිශේෂීම දොරටු නිර්මාණය වී තිබෙන්නේ කිසියම් අධිරාජ්‍යයකට හෝ බලකොටුවකට ඇති  ප්‍රධාන පිවිසුමෙහිය. ඒවා සෙසු ගෘහ නිර්මාණ ලක්ෂණයන් අතර සුවිශේෂි නිර්මාණ වෙයි. 
මේවා සෑම විටම පරිසරය, අවකාශයේ ගම්භීරත්වය, අලංකාරය පමණක්ම නොව අභිවෘද්ධිය, සශ්‍රීකත්වය හා විජයග්‍රහණයද ඉස්මතු කරයි.  එම නිසා බාලදක්ෂ ඔබගේ කදවුරට, ප්‍රධාන  පිවිසුම් දොරටුවක් නිර්මාණය කිරීමට සැලසුම් කිරීමේදී බොහෝ දේ පිළිබඳව සිතා බැලිය යුතුය. ඔබගේ ප්‍රදේශය හෝ දිසා බලාදක්ෂ සංගමයේ අනන්‍යතාව හා බැඳුණු ප්‍රධාන පිවිසුම් දොරටු හැඩ තල හා ලක්ෂණ ඔබටම ආවේණික විය යුතුය. 
එය යථාර්ථයක් වූ දිනක ජාතික බාලදක්ෂ ජම්බෝරියකදී ශ්‍රී ලංකාවේ ඇති බලාදක්ෂ දිස්ත්‍රික්ක තිස් හතෙන් ලක්ෂණ ප්‍රකට කෙරෙනු ඇත. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...