2025 අප්‍රේල් මස 16 පෙ.ව. 11:29 - 579
මං අද පුතාලා, දුවලාට කියල දෙන්නේ හැමෝටම හැම වෙලාවකම ප්‍රයෝජනවත් වෙන ගැටයක්. මේ ගැටේට කියන්නේ පිරිමි ගැටේ කියලයි. ලණුවක හරි කොහු ලණුවක හරි කොන් දෙක එකතු කරල ශක්තිමත්ව ගැට ගහන්න පිරිමි ගැටේට පුළුවන්. ඒ විතරක් ප්‍රථමාධාර කටයුතුවල දී තුවාලය වෙළන බැන්ඩේජ් පටියේ දෙකෙළවර ගැට ගහන්නෙත් මේ ගැටේ යොදලයි. ඒ වගේම ත්‍රිකෝණ වෙළුම් පටිය භාවිත කර අවසන් කරන හැම උරමාවකටම යොදන්නෙත් පිරිමි ගැටයයි. මේ රෑප දිහා බලා ඔබත් මේ ගැටේ හොඳටම පුරැදු වෙලා එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනයට ගන්න.
![]() |
diary Read more... |