තාක්ෂණයත් සමග එක්වෙමු

2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:06 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව තුළ ලෝක ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය බාලදක්ෂයින් අතර ප්‍රචලිත කරමින් ප්‍රායෝගික වැඩසටහන් රුසක් විජය බාලදක්ෂ කඳවුරින් හඳුන්වා දුන්නෙය. වසර දොළහක් නොකඩවා පවත්වාගෙන පැමිණි එම ජාතික සේවය නව හැරවුම් දිශාවකට මෙම වර්ෂයේ දී යොමු කර ඇත. ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. ඔක්තෝබර් මස 19, 20, හා 21 දිනවල පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ජම්බෝරියට නොමිලේම සහභාගී වී කඳවුරැ බැඳීමට ඔබ කැමති නම් මෙම ලිපිය කියවා දැනුම ලබාගත යුතුය.
බාලදක්ෂ ඔබ හෝ ඔබේ කණ්ඩායම ලියාපදිංචි විය යුතුය
ලෝක බාලදක්ෂ සංගමය සංවිධාන කරන &ලෝක අන්තර්ජාල ජම්බෝරිය*තුළ රටවල් 150 කින් බාලදක්ෂයින් ලක්ෂ 15 ක් මෙම වැඩසටහනට එකතු වන බව ලෝක අන්තර්ජාල ජම්බෝරි සංවිධායක රිචඩ් මිඩ්ල් කූප් මහතා ලෝක බාලදක්ෂ සංගමය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව බාලදක්ෂ ඔබ හෝ ඔබේ කණ්ඩායම ලෝක බාලදක්ෂ සංගමයේ www.JotaJoti. info වෙත ගොස් එම වෙබ් පිටුවේ ඇති අයදුම්පත පුරවා ලියාපදිංචිය තහවුරැ කළ යුතුය. ඔබ කැමති නම් සිංහල භාෂාවෙන් වුවද අයඳුම්පත පිරවිය හැක. අදාළ රටේ භාවිත කරන භාෂාවෙන් පණිවිඩ හුවමාරැ කරගැනීමෙන් ලෝක බාලදක්ෂ සහයෝගිතාව සහ අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය ලබාදීම එහි අරමුණ වී ඇත.
සිංහලෙන් පුරවන්න
ඉංග්‍රීසි භාෂාව ඇතුළුව තවත් භාෂා ගණනාවකින් ලෝක අන්තර්ජාල ජම්බෝරියේ දී බාලදක්ෂයෝ අදහස් හුවමාරැ කරගනිති. ලබා දී ඇති යතුරෙන් (Translate) ඔබ කැමති භාෂාවක් තෝරා ගත යුතුය. එතැන් සිට එසැණින් භාෂා කිහිපයකට වුවද පරිවර්තනය කරගනිමින් කියවීමේ හැකියාව පාඨකයා වෙත ලබාදී ඇත.
ලෝක අන්තර්ජාල ජම්බෝරියේ උපකඳවුරැ හඳුනාගෙන එහි සැරිසරන්න
ඉතිහාසයේ මෙතෙක් පැවැත්වූ ලෝක අන්තර්ජාල ජම්බෝරි අතික්‍රමණය වන අයුරින් මෙවර ලෝක අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරිය නිර්මාණය කොට ඇත. එය ප්‍රථම වතාවට කඳවුරැ වෙබ් අඩවි භූමියක් ලෙස ඉදිරිපත් කොට ඇත. උප කඳවුරැ භූමි 13 කින් සමන්විත සිතියම මෙහි දක්වා ඇත.
ක්‍රියාකාරකම් සමග
වර්ණ ගන්වා ඇති උපකඳවුරැ භූමිය වෙත ඇතුළු වූ සැණින් එම කඳවුරැ භූමියේ ක්‍රියාකාරකම් සමග සජීවී ලෙස බාලදක්ෂයින් හට එක්විය හැක. ඒ අතර ඇති ඉන්ද්‍රජාලික පර්යේෂණ හා නව සොයාගැනීම් ඇතුළත් විද්‍යා උද්‍යානය, ගෝලීය සංවර්ධන ගම්මානය, බාලදක්ෂ වීඩියෝ ගේම් සහිත ක්‍රීඩා කලාපය ඇතුළත් ඇන්ටිලොප් උපකඳවුර බාලදක්ෂ හදිසි තත්ත්ව සහ ස්වාභාවික විපත් ආපදා කළමනාකරණය පිළිබඳ දැනුම ලබාදෙන ස්වාභාවික විපත් කලාප වෙත බාලදක්ෂයින්ගේ දැඩි ආකර්ෂණයක් ඇතිවිය හැකි බව සංවිධායකයින්ගේ අදහසයි.
මාධ්‍ය මධ්‍යස්ථානයට පිවිසෙන්න
සජීවී රෑපවාහිනී මැදිරිය, සජීවී ගුවන්විදුලි මැදිරිය ඇතුළු මාධ්‍ය මධ්‍යස්ථානය ඔක්තෝබර් 19, 20 හා 21 යන දිනයන්හි ලෝක බාලදක්ෂයින් හට විවෘත කොට ඇත. අන්තර්ජාල සජීවී රෑපවාහිනී දසුන්, අන්තර්ජාල සජීවී ගුවන්විදුලි වැඩසටහන් ලෝකයේ ඕනෑම තැනක සිටින බාලදක්ෂයකු හට නැරඹිය හැක. එමෙන්ම සජීවී මැදිරිය සමග අදහස් හුවමාරැ කළ හැකි අයුරින් ක්රයිබෝ උපකඳවුර ස්ථාපිත කොට ඇත. ඒ තුළ ස්කයිප්, ෆේස්බුක්, ට්විටර්, ජොටී ටී.වී, ඉන්ස්ටර්ග්‍රෑම් ආදී සියළු සමාජ මාධ්‍ය ජාල සක්‍රීය කොට ඇත. මෙම මාධ්‍ය මධ්‍යස්ථානය මෙතෙක් බාලදක්ෂ ජාත්‍යන්තර කඳවුරක ඉදිවන දැවැන්තම මාධ්‍ය මධ්‍යස්ථානය ලෙස නම්කර ඇත.
ඔබ ඔබේ නාළිකාව තෝරා ගන්න
ස්මාට් ජංගම දුරකථනයක් ඔබ සතු නම් ඔබ සිටින ස්ථානයේ සිට බාලදක්ෂ නිල ඇඳුමින් ලෝක අන්තර්ජාල ජම්බෝරිය සමග එක්විය හැක. ඒ සඳහා ඔබ ඔබේ වැඩිහිටියන්ගේ උපදෙස් ලබාගත යුතුය. ඔබ සිටින්නේ බාලදක්ෂ කණ්ඩායම සමග ඔබගේ විද්‍යාලයේ නම් විදුහල්පතිතුමාගේ අවසරය මත පරිගණක විද්‍යා තාක්ෂණික කාමරය ඉල්ලා ගත යුතුය. පාසල් භූමියේ දින තුනක නේවාසික බාලදක්ෂ කඳවුරක් පැවැත්විය හැකි නම් ප්‍රතිඵලය වඩාත් සාර්ථක වනු ඇත.
තාක්ෂණික හරඹය ජයගත යුතුය
පරිගණක කිහිපයක් සහ වෙබ් කැම් කිහිපයක් යොදා එකවර රෑපවාහිනී දසුන් අන්තර්ජාලයට මුදවා හැරීමත් ලැබෙන දර්ශන පුළුල් තිරයක ප්‍රක්ෂේපණය කර ගැනීමෙනුත් වැඩසටහනේ සජීවී බව ආරක්ෂා කරගත හැක. මේ සඳහා ස්කයිප් තාක්ෂණය යොදා ගත හැක.
පරිවර්තන කණ්ඩායමක් නිර්මාණය කරන්න
සියලුම බාලදක්ෂයින් හට විවිධ භාෂා කතා කිරීමට නොහැකි විය හැක. එවිට බාලදක්ෂයන්ගේ අදහස් පරිවර්තනය කිරීමට පරිවර්තකයකු යෙදවිය යුතුය. ඒ සඳහා ඔබ විද්‍යාලයේ සිටින විවිධ භාෂා දැනුම ඇති ගුරැවරැ, වැඩිහිටියන් ඇතුළු මිතුරන්ගේ සහයෝගය ලබාගත හැක.
රහස් පණිවිඩයක් යවන්න
සුප්‍රකට ගූගල් සමාගම බාලදක්ෂයන් උදෙසාම නව හඳුන්වා දීමක් මෙවර සිදුකර ඇත. එය මෙවර ලෝක අන්තර්ජාල ජම්බෝරියේ දී එළි දැක්වෙයි. අතීතයේ සන්නිවේදන හුවමාරැ ක්‍රමයක්ව පැවති මෝස් සංඥා ක්‍රමයේ තිත් සහ ඉරි කැබලි වෙනුවට ප්‍රමිතිකරණයට ලක්කළ රෑපාක්ෂර හඳුන්වා දෙන මෙවර ලෝක අන්තර්ජාල ජම්බෝරිය සමස්ත ලෝකයේ සන්නිවේදන ඉතිහාසයේ ඓතිහාසික දිනයක් වනු ඇත. ඉංග්‍රීසි භාෂාවේ අකුරැ 26 වෙනුවෙන් නිර්මාණය කළ එම රෑපාක්ෂර මෙහි දක්වා ඇත. එම අක්ෂර භාවිත කර ඔබ ඔ‍බේ යහළුවාට කෙටි පණිවිඩයක් යැවිය හැක. එලෙසින් යැවූ පණිවිඩය සහිත රෑපාක්ෂර ලොග් සටහන් පොතේ තැනක චිත්‍රණය කළ යුතුය.
තොරතුරැ ලොග් පොතේ ලියන්න
ලෝක අන්තර්ජාල ජම්බෝරියට සහභාගි වන සෑම බාලදක්ෂයකුම සිදුකළ යුතු ක්‍රියාකාරකමක් ඇත. එනම් ඔබ ලබන අත්දැකීම්, සිදුකරන සංවාද සටහන්, ලබාගන්නා ඡායාරෑප හෝ වීඩියෝ දර්ශන සංරක්ෂණය කිරීමය. ඒ බව දිනය, වේලාව සහිතව කෙටි සටහන් ලෙස බාලදක්ෂ ලොග් පොතේ සටහන් කළ යුතුය. ඒවා බාලදක්ෂ ආචාර්යවරැන්ගේ අවධානයට ලක්විය යුතුය.
ලෝක අන්තර්ජාල ජම්බෝරි සහතිකය ලොග් පොතේ අලවන්න
www.JotaJoti. info ලෝක බාලදක්ෂ සංගමයේ නිල වෙබ් අඩවියට පිවිස ලෝක අන්තර්ජාල ජම්බෝරියේ සහතිකය සහ ලාංඡනය බාගත කළ හැක. එම සහතිකය A4 කඩදාසියෙන් හතරෙන් එකක් ලෙස මුද්‍රණය කළ යුතුය. එය බාලදක්ෂ ලොග් පොතේ අපූරැ ලොග් සටහනක් වනු ඇත.
ඔබේ අවධානයට
ලෝක අන්තර්ජාල ජම්බෝරියට ඔබ සහ ඔබේ බාලදක්ෂ කණ්ඩායම දැක්වූ සහභාගිත්වය විජය බාලදක්ෂ කඳවුරේ ඇගයුමට ලක් කිරීමට නියමිතය. ඒ සඳහා ඔබ කළ යුත්තේ විස්තර සහිත ඡායාරෑපයක් සහ කෙටි වීඩියෝ පටයක් WijayaScoutPage@gmail.com වෙත ඊමේල් කිරීම පමණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...