2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:35 - {{hitsCtrl.values.hits}}
බංගලාදේශ බාලදක්ෂණ සංගමය සංවිධානය කරනු ලබන දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංගම් සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන ජම්බෝරිය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් බලාදක්ෂයින් හය දෙනකු සහ ආචාර්යවරයකු සහභාගී වුහ. පිටත්වීමට පෙර බාලදක්ෂ කණ්ඩායමට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් බාලදක්ෂ ධජය පිරිනැමිණ. බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක, ජාත්‍යාන්තර කොමසාරිස් කලිප කල්‍යාණ පෙරේරා මහත්වරුගේ මගපෙන්වීම යටතේ කණ්ඩායම ජම්බෝරියට සහභාගී වුහ. කණ්ඩායම් නායක ලෙස රාහුල විද්‍යාලයේ කේ. ඒ. නිහාල් රංජිත් මහතා එක් වූ අතර, පළවන බාලදක්ෂ සමූහය වෙනුවෙන් මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහයේ නවීර හංසන අමරවර්ධන, ලිතිර ලිත්මින් විතාආරච්චි, දමික මලින්ද රාජපක්ෂ, මාතර දිසාව වෙනුවෙන් රාහුල විද්‍යාලයේ එච්.කේ. කවිනු සිහස් කරුණාරත්න, එස්. ඒ. චනිරු දිල්වාන්, ශාරිපුත්‍ර විද්‍යාලයේ කේ. ඒ. එන්. එස්. නයනජිත් යන බාලදක්ෂින් එක් විය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |