2024 දෙසැම්බර් මස 22 ප.ව. 07:21 - {{hitsCtrl.values.hits}}
එළිමහන් කඳවුරැ ඉදිකරන විට බාලදක්ෂ ඔබට විවිධ අවස්ථාවල දී “බර* එසවීමට සිදුවේ. එම නිසාම මෙහි දැක්වෙන “සිද්ධාන්තය* ඔබ දැන සිටිය යුතුය. දක්වා ඇති රෑප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න.
අංක 1 රෑපයේ සිට අංක 4 රෑපය දක්වා ක්‍රමිකව ගලා ගිය වෙනසක් ඇත. මෙහි දක්වා ඇති කුමන ආකාරයකට වුවද “බර* එසවිය හැකිය. රෑපයේ පරිදි එසවීමට සූදානම් කර ඇත්තේ කිලෝග්‍රෑම් 1000 කි. මේ සඳහා ශක්ති සම්පන්න බාලදක්ෂයින් 100 දෙනකුවත් අඩුම තරමින් සිටිය යුතුය.
ඉහළට එසවීමේ දී ආධාරක ලණු ගැට ගැසිය යුතු ආකාරය දක්වා ඇත. බර ඔසවන කොක්ක (T 2) විය යුතුය. එනම් එම කොක්ක මත කිලෝග්‍රෑම් 2000 ක බරක් දරාගත හැක. කොක්කේ සහ ආධාරක ලණු දෙක අතර කෝණය අංශක 45 හෝ අංශක 50 නම් එම බර එසවීමට මහත් ආයාසයක් දැරිය යුතුය. එමෙන්ම එහි දැඩි අවදානමක් ද ඇත. එහෙත් අංක 1 සහ අංක 2 රෑප සටහනේ දැක්වෙන ආකාරයට ආධාරක ලණු 2 ක් දෙපසින් ගැටගසා ඇත. බාලදක්ෂයින් 100 දෙනා කණ්ඩායම් දෙකකට සමානව බෙදී කඹය අදින විට ඔසවන බර බෙදී යයි. එම නිසා දැඩි ආයාසයකින් තොරව බර එසවිය හැකිය.
සැ : යු :
• බර එසවීමට ශක්තිමත් “මැනිලා කඹ* යොදාගත යුතුය.
• අවශ්‍ය තරමට බාලදක්ෂයින් සහභාගි කරගත යුතුය.
• බාලදක්ෂයින්ගේ ශාරීරික සෞඛ්‍යය උදෙසා උසස් තත්ත්වයේ යට ඇඳුම් ඇඳිය යුතුය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |