2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:31 - {{hitsCtrl.values.hits}}
අපහසුවකින් තොරව වැඩි දුරක් පා ගමනින් යෑමට නොහැකි නම් ඔහු වැඩකට නැති පුද්ගලයකු බව බාලදක්ෂ විද්‍යාව කෘතියෙහි දක්වා ඇත. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවෙල් සාමිතුමන් බාලදක්ෂ විද්‍යාව කෘතිය රචනා කරන වකවානුවේ දී පා ගමන්වලට ලබාදුන් වටිනාකම එමගින් සනාථ කොට ඇත.
බාලදක්ෂ ඔබ පා ගමන් සඳහා සහභාගි විය යුත්තේ බාලදක්ෂ නිල ඇඳුමින්ය. නිල ඇඳුමට සුදුසු කළු සපත්තු කුට්ටම චාම් එකක් විය යුතුය.
සපත්තු කුට්ටම
පා ගමනක් සඳහා සහභාගි වන ඔබ කිසි දිනෙක අලුත්ම සපත්තු දෙකක් නොපැලඳවිය යුතුය. එයට හේතුව දහඩියෙන් හෝ සම තෙත්වීමෙන් සම මෘදුවීමත්, අලුත් නොනැමෙන සපත්තුවට කකුල මැදී දිය පට්ටා ඇති වීමත්ය. එබැවින් පා ගමන සඳහා වඩාත් සුදුසු ඔබ නිරතුරැව පැලඳි සුපුරැදු සපත්තු දෙකයි.
පා ගමනට සුදුසු සපත්තු
සපත්තු දෙක පාදයේ පැලඳි පසු පාදය තුළට හොඳින් වාතාශ්‍රය ලැබිය යුතුය. පාදයේ හැඩයට වඩාත් ගැළපෙන සපත්තු කුට්ටමක් තෝරා ගත යුතුය. පාදයට පැලඳි සපත්තු අනවශ්‍ය ලෙස විශාල නොවිය යුතුය. විශේෂයෙන්ම සුවපහසු බවින් යුතු බාලදක්ෂ නිල ඇඳුමට ගැළපෙන ආකාරයේ ගැටිය ඇද නොවුණ සපත්තු දෙකක් තෝරා ගත යුතුය. පාදයේ ඉදිරිපස ඇඟිලි ආවරණය වන සපත්තුවේ ඉදිරිපස කොටස (Toe Cap) අනවශ්‍ය ලෙස උල්වී නොතිබිය යුතුය. තියුණු උල් සහිත සපත්තු පැලඳීමෙන් බාලදක්ෂ නිල ඇඳුම අවලස්සන කරන බව බාලදක්ෂ ඔබ වටහා ගත යුතුය.
සපත්තු දෙකේ අඩිය
බාලදක්ෂ සපත්තුව පලඳින බාලදක්ෂයා නිරතුරැව පා ගමනින් යයි. එම නිසා ඉක්මනින් ගෙවී නොයන ශක්තිමත් යටි පතුලක් සපත්තු දෙකට තිබිය යුතුය. එහෙත් සපත්තුවේ අඩිය හොඳින් නම්‍යශීලී විය යුතුය. විශේෂයෙන්ම සපත්තුවේ විලුඹ, සපත්තුවේ අඩිය සහ නැමෙන දිග හැරෙන කොටස් මනාව ක්‍රියාකාරී විය යුතුය. එසේ නොවන සපත්තු කෙටි කාලයක දී නැමීම්, ඉරිතැලීම් වලට ගොදුරැ වී අබලන් වෙයි.
වනගත ගවේෂණයට සුදුසු සපත්තු
බාලදක්ෂ ඔබ සහභාගි වන්නේ වනගත ගවේෂණයකට නම් ඒ සඳහා සුදුසු සපත්තු දෙකක් තෝරාගත යුතුය. පාදයේ විලුඹ සහිත කොටස හොඳින් වැසෙන ගැටිය සහිත කටක් ඇති සපත්තු ඒ සඳහා සුදුසුය. සර්ප දෂ්ටනයක දී පාදය ආරක්ෂා කරගැනීමත්, දිගු වේලාවක් නොකඩවා පා ගමනේ නියැලිය හැකි වීමටත් එවැනි සපත්තු කුට්ටමක් ඉවහල් වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |