2025 මාර්තු මස 04 ප.ව. 01:11 - {{hitsCtrl.values.hits}}
බාලදක්ෂ කඳවුරකට සහභාගී වෙන ඔබ අලුතෙන් යහළුවන් හඳුනාගත් අවස්ථාවක සමරැ සටහනක් ලොග් පොතේ සටහන් කර ගැනීමට පෙලඹෙයි. එවැනි අවස්ථාවක ඔබට යහළුවා වෙත පුංචි තිළිණයක් පිරිනැමිය හැකිනම්, කෙතරම් අගනේද ? මේ... ඒ සඳහා ඔබට ගත හැකි උත්සාහයක්ය. මෙම ක්‍රියාකාරකම ඉතා සරල එකක්ය. අවශ්‍ය වන්නේ තඹ කම්බි කැබැල්ලක්ය. රෑපයේ දැක්වෙන අයුරින් “බාලදක්ෂ සලකුණේ* හැඩය ඉස්මතු වන අයුරින් අවශ්‍ය තැන් පමණක් නැමිය යුතුය. උල් අඬුවක් භාවිත කර කටයුත්ත වඩාත් කාර්යක්ෂමව කළ හැකි ය.
මේ ආකාරයෙන් තඹ කම්බි කැබලි කිහිපයකින් බාලදක්ෂ සලකුණු කිහිපයක්ම සකස් කර ඒවා බාලදක්ෂ කඳවුරට රුගෙන ගියහොත්, හඳුනාගන්නා යහළුවන් පුදුම කරන්නට ඔබට පුළුවන් වේවි. එහි ඇති වැදගත්ම කාරණාව නම්.... මෙම ක්‍රියාකාරකම සඳහා ඔබට කිසිදු මුදලක් වියදම් කිරීමට සිදු නොවීමය.
![]() |
diary Read more... |