බේඩ්න් පවෙල් සහ හමුදා සේවය

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:39 - {{hitsCtrl.values.hits}}  

වර්ෂ 1876 සැප්තැම්බර් 11වැනි  දින උප ලුතිනන්වරයෙකු ලෙස බේඩ්න් පවෙල් මහතා හමුදා සේවයට එක් විය. 13 වැනි හුසාර්ස් රෙජිමේන්තුවට එක්වූ එතුමා 1878 සැප්තැම්බර් 17 වැනි දින ලුතිනන් ධුරයට උසස් විය.
 1883 මැයි මස 16 දින මේජර් වරයකු ලෙසින් 13 වැනි හුසාර්ස් රෙජිමේන්තුවේ සේවයේ නියුතව 1892 ජූලි 1 දා බ්‍රෙවට් කර්නල් ධුරයට උසස් විය.
1892 දී කර්නල් වරයකු වූ එතුමා 1892 මාර්තු මස 26 දින “5 වෙනි ඩ්‍රැගන් ගාඩ්* රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමක් ලබා දී දකුණු අප්‍රිකාවේ අශාන්ති සටන මෙහෙයවීමට නියෝග ලද්දේය.

5 වැනි ඩ්‍රැගන් ගාඩ් රෙජිමේන්තුව
කර්නල් රොබට් බේඩ්න් පවෙල් දක්ෂ අශ්වාරෝහකයෙක් විය. එබැවින් ඩ්‍රැගන් ගාඩ් අශ්වාරෝහක රෙජිමේන්තුවේ කටයුතු කිරීම පහසු විය. එහි තේමා පාඨය “අපි පසු නොබසිමු.*
කර්නල් බේඩ්න් පවෙල් ගේ 
හමුදා ජීවිතයේ හැරවුම් ලක්ෂය

ඩ්‍රැගන් ගාඩ් රෙජිමේන්තුවේ සේවය කළ වකවානුවේ දී මේජර් ෆෙඩ්‍රික් රසල් බර්න්හැම් හමුවිය. කදිම අවංක මිතුරකු වූ ෆෙඩ්‍රික් බේඩ්න් පවෙල් ජාතියේ වීරයකු වශයෙන් පිළිගන්නා ලද බෝයර් සටනේ මැෆ්කිං මුදා ගැනීමට ක්‍රියාශීලීව දායක විය. එවකට ඔහු ඩ්‍රැගන් ගාඩ් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. 
තොරතුරැ ලබා දුන් බාලදක්ෂ නායක ධර්මලාල් ගුණවර්ධන මහතාට විජය බාලදක්ෂ කඳවුරේ ස්තූතිය හිමිවෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...