2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:10 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ මානවක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර සියයක් ගෙවී ඇත. ඒ වෙනුවෙන් වූ 33 වැනි ජාතික මානවක බාලදක්ෂ සමුළුව වත්තල ජාඇල දිසා බාලදක්ෂ සංගමයේ සත්කාරකත්වයෙන් රාගම දියගල ළමා නගරයේ දී පැවැත්විණ. යහපත් ලොවක් ගොඩනගන මානවක බාලදක්ෂයෝ මෙවර මානවක සමුළුවේ තේමා පාඨය විය.
ජාතික මානවක සමුළුව, මහා ගිනිමැල සංදර්ශනය සහ මානවක බාලදක්ෂ රාත්‍රිය මානවක සමුළුව අතරතුර දී පැවැත්වූ සුවිශේෂී ක්‍රියාකාරකම් අතර කැපී පෙනුණ බව ජාතික මානවක සමුළු සංවිධායක කොමසාරිස් ශ්‍රී ලත් ද සිල්වා විජය බාලදක්ෂ කඳවුරට පැවසීය. ජාතික මානවක සමුළුවට මානවක බාලදක්ෂයෝ තුන් දහසක් සහභාගි වූහ. එහි ඡායාරෑප ඇතුළත් විශේෂාංගය ඉදිරියේ දී බාලදක්ෂ කඳවුරින් බලාපොරොත්තු වන්න.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |