අපේ සීයා

2024 දෙසැම්බර් මස 22 ප.ව. 11:36 - {{hitsCtrl.values.hits}}  

බයිසිකලය පදවාගෙන ගෙදරට         එන්නේ

සීයා කියමින් සතුටින් දුවගෙන          එන්නේ

රස රස දේ අපි සැමටම ගෙනවිත්    දෙන්නේ

සීයාගේ මුහුණේ සොම්නස ඉපිලී      යන්නේ

 

කෑමෙන් පසු ලස්සන රජ කතා      කියන්නේ

දෑතේ සවියෙන් ගේදොර වැඩ කර   දෙන්නේ

පා පැදියෙන් හවසට ගෙදරට දිව      යන්නේ

හැමදාමත් සතුටින් දුක්බර          උහුලන්නේ

 

සීයා නැතිදා පාළුව සිතට            දැනෙන්නේ

දොරකඩ වී සීයා එනතුරැ රුක           ඉන්නේ

ඔරලෝසුවෙ කටු ටික වේගෙන් කැරකෙන්නේ

දරු මුණුබුරන් රුකුමට සීයා    පැමිණෙන්නේ

 

පී.එච්.මනුක නෙතුන්,

6 වැනි ශ්‍රේණිය,

ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විදුහල,

කැලණිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...