2025 අප්‍රේල් මස 19 පෙ.ව. 08:22 - {{hitsCtrl.values.hits}}
බයිසිකලය පදවාගෙන ගෙදරට එන්නේ
සීයා කියමින් සතුටින් දුවගෙන එන්නේ
රස රස දේ අපි සැමටම ගෙනවිත් දෙන්නේ
සීයාගේ මුහුණේ සොම්නස ඉපිලී යන්නේ
කෑමෙන් පසු ලස්සන රජ කතා කියන්නේ
දෑතේ සවියෙන් ගේදොර වැඩ කර දෙන්නේ
පා පැදියෙන් හවසට ගෙදරට දිව යන්නේ
හැමදාමත් සතුටින් දුක්බර උහුලන්නේ
සීයා නැතිදා පාළුව සිතට දැනෙන්නේ
දොරකඩ වී සීයා එනතුරැ රුක ඉන්නේ
ඔරලෝසුවෙ කටු ටික වේගෙන් කැරකෙන්නේ
දරු මුණුබුරන් රුකුමට සීයා පැමිණෙන්නේ
පී.එච්.මනුක නෙතුන්,
6 වැනි ශ්‍රේණිය,
ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහ විදුහල,
කැලණිය.
![]() |
diary Read more... |