හෙන්රි මුවර්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 05:22 - {{hitsCtrl.values.hits}}  

හෙන්රි මුවර් 1898 දී එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ කාසල් පෝර්ඩ් නුවර උපත ලැබීය. තරැණ වියට එළඹි මුවර් චිත්‍ර ශිල්පයට විශේෂ කුසලතා දැක්වීය. ඔහු ලෝකඩ මූර්ති නිර්මාණයට වැඩි කුසලතාවක් දැක්වූ ශිල්පියෙකි.   ග්‍රීක, රෝම කලාවේ හා පුනරැද යුගයේ පැවති සාම්ප්‍රදායික මූර්ති නිර්මාණ වලින් පසුව නව ආරක මූර්ති කලාවක් ලොවට හඳුන්වා දුන් ශිල්පියා ඔහුයි. 
එතෙක් පැවති තාත්වික හැඩ වෙනුවට වියුක්ත හැඩ මූර්ති ශිල්පයට අනුගත කළ ශිල්පියා වශයෙන් මුවර් හැඳින්විය හැකිය. මුවර්ගේ මානව මූර්ති ස්වාභාවික පෙනුමෙන් හා ස්වාභාවික පරිමාණයන්ගෙන් තරමක් දුරස්ය.

උද්‍යාන මූර්ති
ඔහුගේ නිර්මාණ බොහොමයක් උද්‍යාන මූර්ති ය. මානව රෑපවල ශරීර හැඩ ඉතා සරලව නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. මානව රැවේ ශරීරය හිස හා සැසඳීමේදී තරමක් විශාලය. හිස කුඩාවට නිරෑපණය කිරීම මුවර්ගේ කෘතිවල දැකිය හැකි ශීල්පීය ලක්ෂණයකි. ඔහු විසින් නිර්මිත මුල් කාලීන මූර්ති නිර්මාණ වල මිනිස් රැව පැහැදිලි ලෙස දැකිය හැකිය. 
පසු කාලීනවල නෙළන ලද මූර්ති ක්‍රමයෙන් සරල වූ හැඩවලට සීමා කර ඇත. හෙන්රි මුවර්ගේ මූර්තිවල මූලික තේමාව වූයේ මානව රෑපයයි. මූර්ති අතර රජ පවුල හා වැතිර සිටින රැව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී. විශාල මූර්ති නිර්මාණය කිරීමේදී භාවිත කරන අමුද්‍රව්‍ය වෙනස් කළ හෙන්රි මුවර් ඒ සඳහා දැව හා ලෝකඩ ආදී ද්‍රව්‍ය ආදේශ කර ගත්තේ ය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...