2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:20 - {{hitsCtrl.values.hits}}
ඔහු අපූරු මුදු සිනහවක් දෙතොලතර තබා ගෙන රූපවාහිනී තිරයෙන් අපට සමීප විය. මුළු රටක් නින්ද නැතිව නවයයි පහට ඇහැරවා තබන්නට ඔහු සමත් විය. හිත ළඟට ඔහු ආවේ කෙසේදැයි කිසිවකුට සිතන්නට බැරි නමුත් ඔහු කාගේත් සිත ළඟට රූපවාහිනී තිරය අස්සෙන් රිංගුවේය. හේ නමින් හේම නලින් කරුණාරත්නය.
මාධ්‍ය තාක්ෂණය මනුෂ්‍යයාගේ සිතිවිලි සංතෘප්තියට පත් කරන්නට කෙසේ යොදා ගත හැකි දැයි අත් හදා බලන්නට අවශ්‍ය නැවුම් චින්තනයක් හේම නලින් සතු වූ බවට කිසිදු විවාදයක් නැත. ඔහු රූපවාහිනී තාරකාවක් නොවේ. එහෙත් තාරකාවකට ලබන්නට බැරි තරම් ග්රාහක ප්‍රසාදයක් දිනා ගන්නට හේම නලින්ට හැකි විය.
උරුමය රූපවාහිනී නාලිකාව ඔහුටම සුවිශේෂ වූ සමාජ කතිකාවක් නිර්මාණය කරන්නට ඔහු යොදා ගත් වාහනයයි. එහි නැග ගමන් කළෝ කවුරුද? පාසල් දූ දරුවෝද, තරුණ තරුණියෝද, වැඩිහිටියෝද, උගත්තුද, විදග්ධයෝද, සාමාන්‍ය ජනයාද, ගැහැනුද පිරිමිද ආදී වශයෙන් ලාංකීය ජන සමාජය හේම නලින්ගේ උරුමය වාහනයේ නැග ගමන් ගියහ. තැන නොතැන නැරඹූහ. සතා සීපාවා දැක ගත්හ. දිය ඇලි ද ගංගා ඇල දොළද රූ සිරි වින්දහ.
එමතුදු නොවේ. පාසල් සිසු දරු දැරියන්ගේ මාධ්‍ය පිපාසයට දිය පොදක් වන්නට හේම නලින්ට හැකි විය. ඔහු පාසල් වෙත ගොස් මාධ්‍ය ඉගැන්වූයේය. මාධ්‍යයට පිවිසෙන්නට අත හිත දුන්නේය. මාධ්‍ය නිර්මාණ කරන්නට තමන්ගේ උරුමය රූපවාහිනී වාහනයේ කෑලි බෑලි යොදා ගන්නට නිස්සරණාධ්‍යාශයෙන් ඉඩ දුන්නේය.
හේම නිලින් අප හැර යන්නේ අප පමණක් නොව ඔහුද සිතූ වේලාවක නොවේ. එහෙත් ජීවිතයේ හැටි එබඳුය. ඔහුගේ වියෝව අප තුළ මහත් සංවේගයක් ඇති කරන්නේ ඔහු නොසිතූ වේලාවක සිය වාහනයේ සුක්කානම අත හැරි නිසාය. ඔහුගේ වාහනය ඉදිරියට පදවා ගෙන යන්නේ කවුරුන්දැයි අපි නොදන්නෙමු.
හේම නලින් සුහදයාණෙනි, අප හැර දමා ඔබ තනිව යන ගමනට අපි හදවතින්ම සුභ පතමු. එහෙත් පෙරළා අපට සුබ පතන්නට ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත.
ඔබට නිවන් සුව ලැබැදි හිතවාතාණනි..
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |