2024 දෙසැම්බර් මස 26 ප.ව. 04:18 - {{hitsCtrl.values.hits}}
දේශගුණික විපර්යාස හේතුවෙන් අප රටට විටින් විට බොහෝ හානි පැමිණේ. පරිසර සංරක්ෂණය සඳහා බොහෝ පිරිස් උනන්දුවක් නොදැක්වීම නිසා අපට මේ ව්‍යයසන වලට මුහුණ පෑමට සිදුව ඇත. පාසල් සිසු සිසුවියන් වශයෙන් ඔබ අපට ද මේ ව්‍යයසනයෙන් බේරීමට මහා මෙහෙවරක් කළ හැකිය. පරිසර නියමුවන් වන සිසු සිසිවුයන්ට එහි නායකත්වයක් ගෙන කටයුතු කළ හැකිය. කුමක් කළ යුතුද..? ඒ සඳහා අප සරලම දේ තුළින් පටන් ගනිමු.
මේ එන්නේ බක් මහා වසන්තයයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සිදුවන්නේ ද මේ මාසයේ. ඉපැරණි සිරිත් විරිත් පිළිපදින අප අලුත් අවුරුදු දිනද අගනා චාරිත්‍ර රැසක් ඉටු කරයි. එයින් ඒ නැකතට වැඩ ඇල්ලීමේ චාරිත්‍රය අප මෙවර හරියටම ඉටු කරමු. ඒ කොහොම ද, අප නැකතට වැඩ ඇල්ලීමේ දී දෙමවුපියන් ඔබට කියන්නේ පොතක් පතක් කියවීමට පෙළඹවීමයි. ඒයත් හොඳයි. අපේ වැඩිහිටි අය නම් කරන්නේ කැත්ත උදැල්ල, කුඹුරට යෑම, ගහක් සිටුවීම ආදියයි. අපි මෙය වටිනාම චාරිත්‍රය කර ගනිමු. අපි හැමෝම එකතුව ජලය, පස සංරක්ෂණයට ගොඩාක් උදවු වන ගහක් සිටවමු. සොයා ගැනීමට හැකි ගහක් දැන්ම සුදානම් කර ගනිමු. නැකතට අපි හැමෝම ගහක් සිටුවල රැක ගනිමු. එහි පින්තූරත් ගන්න. අපටත් එවන්න. වර්ධනය වන කාලය තුළ නිරික්ෂණය කරන්න. තත්වය අපට දන්නවන්න. ඔබට අගනා වටිනාකමක් ලබා දෙන්න කටයුතු කරනවා. දරුවන් වශයෙන් ඔබ ජාතික වශයෙන් කරන අගනාම සේවයක් මෙය වන්නට පිළිවන. එක ගහ ගානේ අපි සැවොම ගසක් සිටුවුව හොත් අපට පරිසර තුලිතතාවට අගනමා සේවය කළ පුරවැසියෙක් ලෙස අභිමානයක් දැනේවි.
ඔබේ ගස පිළිබඳ හැමදාම අපව මවගේ පියාගේ දුකථනයෙන් පින්තූර 0716858 366 අංකයට whatapp - viber හෝ Imo වලින් එවන්නත් පිළිවන්. නැතිනම් wijeyawebnews@gmail.com ලිපිනයට එවන්න. අවුරුද්ද පුරාම අපත් එක්ක ගස වැඩෙන තුරු ඉන්න. අප සියලු දෙනාම එකතුව මේ අවුරුදු නැකතට වැඩ ඇල්ලීමේ චාරිත්‍රය අර්ථවත් කර. විනැසෙන පරිසරයට ගසක් එකතු කර ජාතික යුතුකමකට දායක වෙමු. පාසල් යන අපි සැවොම එකම දින එක ගස බැනින් හිටවූවොත් කොච්චර ගස් ප්‍රමාණයක් පරිසරයට එකතුවෙනව ද කියලා ඔබම ගණන් හදලා බලන්න.
ඡායරුපය- ශ්‍රී ලංකා යුද හමුදාව
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |