අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට සිය රටේ තාක්ෂණික සහාය ඉතාලියෙන්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:55 - {{hitsCtrl.values.hits}}  

මේ වනවිට ශ්‍රී ලංකාවට ගැටලුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට සිය රටේ තාක්ෂණික සහාය සේම  ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය මේ බව පැවසුවේ  විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති  සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින විදුලි  ජනන තත්ත්වය පිළිබදව සිය ප්‍රසාදය පළ කළ ඉතාලි තානාපතිවරිය, සීඝ්‍රයෙන් වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමේ ගැටලුවට ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණදිය හැකි අතර ඒ වෙනුවෙන් පෙර සූදානමක් ඇති කර ගත යුතු බවත්, ඊට හොදම විසදුමක් වශයෙන් මෙසේ ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය හදුන්වාදිය හැකි බවත් පැවසුවාය.

අපද්‍රව්‍ය ටොන් 100 ත් 300 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේ හැකියාව ඇති ඉවතලන අපද්‍රව්‍ය බලාගාරයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡා පැවති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වන ඉදිරි පියවරය ගැනීමට සිය  රටේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමටද තානාපතිවරිය සිය එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ පවතින මිල අවම විදුලි උත්පාදන මුලාශ්‍රය වන ජල මුලාශ්‍රය, මේ වන විට විදුලි උත්පාදනය සදහා උපරිමයෙන් යොදා ගෙන ඇති බවත්, ඉදිරි විදුලි ඉල්ලුම් සපුරාලීම පිණිස මෙවැනි මිල අවම, පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයක් වෙත අවධානය යොමු කිරීම

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...