2025 ජනවාරි මස 02 ප.ව. 11:19 - {{hitsCtrl.values.hits}}
න්දියාවේ ජද්වපූර් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අභිෂේක් බැනර්ජි සිසුවා, ඉවතලන ප්ලාස්ටික් යොදාගනිමින් ප්ලාස්ටික් ගඩොල් කැටයක් නිපදවා තිබේ. එය ප්ලාස්ටිකියුබ් ලෙස හැඳින්වේ. සිය සඟයන්, බටහිර බෙංගාලයේ කසළ රැස්කරන්නන් සමඟ එක්වී වතුර බෝතල් සහ ප්ලාස්ටික් මලු එක්කළ අභිෂේක් ඒවා පිරිසිදු කර, සාමාන්‍ය ගඩොල් සාදන ආකාරයට පීඩනයට ලක් කරමින් ප්ලාස්ටික් ගඩොල් කැට සාදා ඇත. ඔහු මෙය නිමවා ඇත්තේ 2017දීය.
අභිෂේක් 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. දිනක් පර්යේෂණ චාරිකාවක් සඳහා සාම්ප්‍රදායික ගඩොල් නිපදවන ස්ථානයක් වෙත ගිය අතර, එහිදී කම්කරුවන් දෑතින් මැටි අනමින් ඒවා ඔසවාගෙන යමින් විඳින හිරිහැර ඔහු දුටුවේය. ප්ලාස්ටික් යොදාගනිමින් ගඩොලක් නිපදවීමට ඔහුට සිතුණේ මේ අතරතුරදීය. එක් ප්ලාස්ටික් ගඩොලක් නිපදවීමට ඉන්දීය රුපියල් 5ක් - 6ක් අතර ප්‍රමාණයක් වැය වන බවද අභිෂේක් පවසයි.
එක් ගඩොලක කිලෝ 1.6ක ප්‍රමාණයක ප්ලාස්ටික් ඇතුළත් වේ. මෙම ගඩොල් යොදා ගොඩනැගිලි ඉදිකිරීම ගැන ඔවුන් තවමත් පරීක්ෂණ කර නොමැති නමුත්, දීර්ඝ කාලීනව ප්ලාස්ටික් ගඩොල් භාවිත කළ හැකිදැයි තවදුරටත් ගවේෂණය කරමින් පවතී. අභිෂේක් විශ්වාස කරන්නේ, මෙම ගඩොල් මැටි ගඩොල්වලට වඩා කාලයක් භාවිත කළ හැකි බවයි. අභිෂේක්ගේ මෙම ප්ලාස්ටික් ගඩොලට 2018දී ඇමෙරිකාවේ පරිසරය හා සම්බන්ධව පැවති තරුණ පර්යේෂකයන්ගේ තරගයකදී සම්මාන ලැබී ඇත. ඉන්දියාව දිනකට ප්ලාස්ටික් ටොන් 25,000කට අධික ප්‍රමාණයක් කසළ ලෙස බැහැර කරන බව වාර්තා වේ. ඉන් 40%ක් රැස්නොකර පරිසරයේම පවතී. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ලෝකයේ දියුණුවට යොදාගන්නේ කෙසේදැයි සිතා නව නිපැයුම් කරන්නැයි අභිෂේක් තරුණ පර්යේෂකයන්ට පවසයි.
ඩිල්ෂානි චතුරිකා දාබරේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |