සිංහරාජ රක්ෂිතයේ අලි දෙදෙනා රැදවීමට රැදවුම් මධ්‍යස්ථානයක්

2024 දෙසැම්බර් මස 27 පෙ.ව. 06:54 - {{hitsCtrl.values.hits}}  

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ. සතුන් දෙදෙනට ගැලපෙන පාරිසරික තත්ත්වයන් සහිත කලවාන දොලේකන්ද ග්‍රාමනිලධාරි වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීම පිණිස තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත. පසුගිය දිනවල සිංහරාජ රක්ෂිත අවට ජනතාවට සිදු වූ ජීවිත හානි හා දේපළ හානි සහ අලි දෙදෙනාගේ ජීවිත ආරක්ෂව සඳහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...