ආක්ටික් සාගරවල හිම සියල්ල 2035 වනවිට දියවී අවසන්

2025 පෙබරවාරි මස 06 පෙ.ව. 12:27 - {{hitsCtrl.values.hits}}  

තව වසර 15කින් පෘථිවියේ උත්තර ධ්‍රැවයේ ආක්ටික් කලාපයේ පිහිටි සාගරවල හිම සියල්ල දියවී අවසන් වන බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ආක්ටික් සාගරවල දැන් පවතින තත්වය සහ මීට වසර ගණනාවකට ඉහතදී වූ ග්ලැසියර් යුගයේදී  තිබූ තත්වය සන්සන්දය කරමින්, උසස්  තාක්ෂණික උපකරණ යොදාගනිමින් කළ පර්යේෂණයකදී මේ බව සොයාගෙන ඇත.

එම පරීක්ෂණවලදී සාගරවල පවතින අයිස් සහ දිය වූ හිම සහිත පොකුණු, අතීතයේ සහ වර්තමානයේ පවතින ආකාරය සහ ඒවායේ ලක්ෂණ සොයාබලා තිබේ. හිරු රැස් උරාගැනීමෙන් දිය වෙන අයිස් සහිත පොකුණු නිරීක්ෂණය කළ එම පිරිස ග්ලැසියර් දියවීම සඳහා කෙතරම් ඌෂ්ණත්වයක් අවශ්‍යදැයි සොයා බැලූහ. හිම බෝල වැනි අධික සීත තත්වයේ පවතින අයිස් වුවද මේ තත්වය හමුවේ දියවන බව ඔවුහු පවසති.

අයිස් දියවීම, සාගර ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වන බවද, විශාල ගංවතුර තත්වයකට හේතු විය හැකිබවද, පෘථිවියේ බොහෝ ප්‍රදේශ වතුරට යටවීමේ අවදානමක් පවතින බවද,  මෙම තත්වය ලෝකයේ සමස්ත උෂ්ණත්වයට ද බලපෑම් කළ හැකි බවද පර්යේෂකයෝ කියති.

(තින්කින් හියුමැනිටි ඩොට් කොම් ඇසුරිනි)


ඩිල්ෂානි චතුරිකා දාබරේ
දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...