විද්‍යුත් අපද්‍රව්‍ය

2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:15 - {{hitsCtrl.values.hits}}  

 
අපි එදිනෙදා ජීවිතයේදී පරිගණක, විද්‍යූත් කෝෂ වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු ඉගෙක්ට්‍රොනික උපාංග භාවිත කරන්නෙමු. මේවා අපි කෙටි කලකින් භාවිත කොට සිත් පිත් නැති මිනිසුන් සේ පරිසරයට මුදා හරින්නෙමු. ඔබ දන්නවාද? මේවාපරිසරයට අක්‍රමවත් ලෙස මුදාහැරිය විට පස මෙන් ම ගහකොළ ද නිසරැ තත්ත්වයට පත් වේ. මේ ආකාරයට මිනිසාගේ ආහාර දාමයට ද ගහකොළ මගින් මේවා එක්වී මිනිස් ශරීරයට විවිධ ලෙඩ රෝග එක්විය හැකි ය. ශ්වසන රෝග ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා ආදිය මේවාට හොඳම නිදසුන් ය. අපි මේවා නිසි ලෙස බැහැර කළහොත් පරිසරය සුන්දර වනු ඇත. සමීක්ෂණවලින් දැනට අනාවරණය කරගෙන ඇති ආකාරයට අවුරැද්දකට පරිසරයට මුදා හැරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 40කටත් වැඩි ය.
මේ ආකාරය වෙනස් කිරීමට නම් අප කළ යුත්තේ කුමක් ද? අපට අවශ්‍ය තරමට පමණක් විද්‍යුත් උපාංග භාවිත කිරීමයි. ඒවා නිසි ලෙස බැහැර කිරීම යි. ඒ පිළිබඳව අන් අය දැනුවත් කිරීම යි. එවිට අපට අනාගතයේ පිරිසුදු සුන්දර රටක් බිහි කිරීමට හැකි වනු ඇත.
 
නඳුනි කාව්‍යා හේරත්
7 ශ්‍රේණිය,
කුලි/ විශාකා බාලිකා විද්‍යාලය,
කුලියාපිටිය.
දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...