2025 අප්‍රේල් මස 19 ප.ව. 07:31 - {{hitsCtrl.values.hits}}
මෙදා පාර අවුරැද්දට කැ..වු..ම් ඕ..නේ මම අත්තම්මාට කීවෙමි. අත්තම්මා රතු කැකුළු සහල් පෙඟෙන්නට දැම්මා ය. මැගිලින් ලවා සහල් කොටා ගත්තා ය. කොළපතකින් තැනූ පැණි මුලකින් පැණි තාච්චියට දමා උණු කළා ය. ‘‘අත්තම්මේ...මටත් පැණි “ මම අත දිගු කළවිට මගේ අත්ල මතට පැණි ටිකක් වැක්කෙරැණි. අත්තම්මා පිටි අනා වසා තැබුවා ය. ‘‘අත්තම්මේ කැවුම්‘‘ ටිකක් ඉන්න පැටියෝ මගේ අවුරැදු කුමාරිට මම ඉක්මනට කැවුම් දෙනවා‘‘ අත්තම්මා කීවා ය. ඉන්පසු ඉරටු ,තෙල් හැන්ද, තාච්චිය, කොළපු මිටිය අත්තම්මාට ළං විය. මට ඉවසුම් නැතිවිය. දර ළිප දැල්වුණි. අත්තම්මා ළිප අසල ය. මම ඇය වටා කැරකුණේ මීයකුට කුරැමානම් අල්ලන බළල් පැටවකු මෙනි.
කිරිගොටුව අත්තම්මාට ළං කෙරිණි. ඒදාගත් පිටි හැන්දක් අත්තම්මා අතින් තෙලට වත් කෙරිණි. හැන්ද හා ඉරටුව නැටුමක යෙදිණ. ‘‘කැවුම හරි‘‘ මගේ සිත සතුටුන් පිරී ඉතිරිණි. මම පැණි බේරෙන කැවුමක රස බැලුවෙමි.
විනුජි තාලන්සා කුරැකුලසූරිය
5 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
![]() |
diary Read more... |