2025 අප්‍රේල් මස 19 ප.ව. 07:34 - {{hitsCtrl.values.hits}}
අපේ අත්තම්මාගේ කැවුම් හරිම රසයි. හැම අවුරැද්දෙම අපි අත්තම්මලාගේ ගෙදර යන්නෙමු. අලුත් අවුරැද්ද ලැබීමට පෙර අත්තම්මා සහල් දියේ දමයි. ඉන්පසු ඒවා දියෙන් ගොඩදමා පෙනේරයක දිය බේරෙන්න තබයි. අනතුරැව එම දිය බේරැණු සහල් වංගෙඩියේ දමා කොටයි.
කොටා පිටිකරගත් සහල් උණු කරගත් පැණි සමග කලවම් කරයි. කොණ්ඩ පොඩියක් බැඳගත් අපේ අත්තම්මා හැන්ද කූර තෙලේ නටවා හනිකට කැවුම් බදී. අත්තම්මාගේ කැවුම්වල කොණ්ඩයක් ඇත. &දැන් කාලේ එවුන්ට කැවුමේ කොණ්ඩෙවත් ගන්න බෑ* යැයි අත්තම්මා ඇනුම්පද කියයි. ඇය කැවුම් බදින විට ගමපුරා කැවුම් සුවඳ පැතිරෙයි. ඒ සුවඳට ගමේ අහළ පහළ ළමයි අත්තම්මාගේ නිවසට පැමිණෙති. ඇය කැවුම් බදින ගමන්ම අපටද කැවුම් බෙදයි. ළමයි ඒවා රසකර කති.
අත්තම්මා කැවුම් බදිනවිට පූසාද පුරැ පුරැ ගා ඇයගේ ඇගේ දැවටෙයි. එවිට අත්තම්මා රස කැවුමක් පූසාට දෙයි. අවුරැද්දට ගමේ සැවොම අත්තම්මාගේ නිවසට පැමිණ පැණි බේරෙන කොණ්ඩ කැවුමක රසය බැලීමට අමතක නොකරති. මගේ පියාද ඊට හවුල් වන්නේ කුඩාකළ ඔහු කැවුම් කෑ ආකාරය ද සිහිපත් කරමිනි.
මහීමා ගුණසේකර
3 වැනි ශ්‍රේණිය,
බප/ කැල විද්‍යාරාජ ප්‍රාථමික විදුහල.
![]() |
diary Read more... |