2025 අප්‍රේල් මස 10 පෙ.ව. 12:09 - {{hitsCtrl.values.hits}}
හැමෝටම අත්තම්මා කෙනෙක් ඉන්නවා. ඒත් හැමෝටම ඉන්න අත්තම්මලාට වඩා වෙනස් ම අත්තම්මා කෙනෙක් මට හිටියෙ. අම්මයි තාත්තයි හැරැණාම මා බලාගත්තෙ අත්තම්මා තමයි. මහලු වුණත් ඇයට අප්‍රමාණ ශක්තියක් තිබුණා. ඇය මල් වෙළඳාම් කරලා හම්බවෙන මුදලින් මටත් කොටසක් දුන්නා. ගමේ පන්සලේ වැඩි වශයෙන් කාලය ගෙවන මගේ අත්තම්මා බොහෝ පින් කරයි. අත්තම්මාට අපි
කරන දේවලින් කේන්ති ගන්නා අවස්ථා අනන්තයි. පොඩි කාලේ අපිට බඩගින්නක් ආවාම අපි යන්නෙ අත්තම්මා ළඟටයි. මොකද කියනවානම් අත්තම්මා තමයි අපේ පවුලෙන් කීයක් හරි ඉල්ලුවාම අනිවාර්යයෙන් ම දෙන කෙනා. අත්තම්මාට ඒ තරම් මුදල් තිබුණෙ නැති වුණත් කවදාවත් නොදී හිටියෙ නෑ.
අපේ අත්තම්මාට කතා කරන්න බෑ. අත්තම්මා අසනීපවෙලා මිය ගියාම තමයි මට ඇගේ අගේ වැඩියෙන් ම දැනුණේ. මගේ අත්තම්මා මට කිසිදාක අමතක කරන්න බෑ. ඇයට නිවන් සුව පතමි.
රැක්ෂාණි ඉමන්තිකා
10 ශ්‍රේණිය,
බප/ජය/ මහමායා බාලිකා විද්‍යාලය, නුගේගොඩ.
![]() |
diary Read more... |