2025 අප්‍රේල් මස 10 පෙ.ව. 12:31 - {{hitsCtrl.values.hits}}
සොර සතුරන්ට ගත නොහැකි එකම දෙය වන්නේ අධ්‍යාපනයයි. රන්, මිණි, මුදල් සියල්ල තාවකාලික දෑ ය. අප පුංචි කාලයේ අධ්‍යාපනයේ වටිනාකම නොදැන සෙල්ලමට යොමු විය. අපේ අම්මා, තාත්තා අප පෙර පාසල් යාමට බැහැයි කී විට අපට බැණ වදියි. නැතිනම් පහරක් ගසයි. එසේ කරන්නේ අපත් සමග ඇති තරහකට නොව අප අනාගතයේ උගතුන්, සමතුන් වෙනවා දැකීමට ය. පාසල් ගිය පසු අපගේ මව හා පියා වන්නේ අපේ ගුරැ මෑණිවරැන් හා පියවරැන් ය. අප යම් නරක ක්‍රියාවකට පෙලඹෙන්නේ නම් බැණ වදියි. අප පාඩම්වලට යොමු වෙන්නේ නැතිනම් අපට පහරක් ගසයි. ඒ තරහකට නම් නොවෙයි. ඒ අපට ඇති සෙනෙහසටයි. මවුපියන්ගේ හා ගුරැවරැන්ගේ ප්‍රාර්ථනාව අප හොඳින් ඉගෙන ගෙන හොඳ පුරවැසියකු මෙන් ම හොඳ රුකියාවක් කිරීම දැකීම ය. ඔවුන් අපෙන් වෙන කිසි දෙයක් බලාපොරොත්තු වන්නේ නැත.
අපට මුලින් ම අධ්‍යාපනයේ දී එන පළමුවැනි කඩඉම වන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. ඉන් පසු සාමාන්‍ය පෙළ විභාගයයි. තුන්වැනි කඩඉම වන්නේ උසස්පෙළ විභාගයයි. ඉන්පසු තිබෙන වැදගත්ම කඩඉම විශ්වවිද්‍යාලයයි. මේ කඩඉම් ජය ගැනීමට අප පොඩි කාලයේ සිටම උනන්දුවිය යුතු ය. අප කාලසටහනකට වැඩ කළ යුතු ය. ගුරැවරැන් කියන දේ අසා පිළිපැදිය යුතු ය. හිරැ දෙසට සූරියකාන්ත මල හැරෙන්නාක් සේ අප ඉඩක් ලැබුණු සෑම අවස්ථාවක දීම පොත පතට නැඹුරැ විය යුතු ය. අප මේ අවුරැදු කිහිපය අධ්‍යාපනයට නැඹුරැ වී කටයුතු කළහොත් අපේ ජීවිතයම තරැවක් සේ බැබළෙයි.
අප හොඳින් ඉගෙන ගත් විට අපට අවශ්‍ය හැම
දෙයක් ම අපට ගත හැකිය. අපට ලැබෙන මුදලෙන් අපව පොඩි කාලයේ අධ්‍යාපනයට නැඹුරැ කළ මවුපියන්ට හා ගුරැවරැන්ට අවශ්‍ය දේ කර දීමට හැකි වෙයි. අප කරන රුකියාවෙන් ලැබෙන මුදලින් අසරණයන්ට උදවු කර බොහෝ පින් රුස් කර ගත හැකියි. අපට ජීවිතය සතුටින් ගත කිරීමට ඇති එකම වස්තුව වනුයේ අධ්‍යාපනයයි. අපේ මවුපියන්ගේ, ගුරැවරැන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ජීවිතය ජය ගනිමු.
කේ. ඉසිනි හෙෂාරා
07 වැනි ශ්‍රේණිය,
බප/ජය/මහාමාත්‍ය විද්‍යාලය, අතුරැගිරිය
![]() |
diary Read more... |