2025 ජනවාරි මස 02 පෙ.ව. 05:39 - 24161
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග අවුරුදු උදාවේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සංස්කෘතිමය වශයෙන් ඉතා අගනා උත්සව අවස්ථාවකි. එය සශ්‍රිකත්වය පදනම් කරගනිම්න් සූර්යයා මුල් කර ගනිමින් පැවැත්වෙන්නකි. අලුත් අවුරුදු උදාවත් සමගම ස්වභාව ධර්මයත් සමග පරිසිරය සම්පූර්ණයෙන් ම වෙනස් වේ. කොහාගේ කොහෝ කොහෝ නාදය සමග සැමටම අවුරුදු උදාව සිහිවේ. ඒ වෙග් ම එරබදු මල් පිපිලා අඹ, කජු ගස්වල පිරිලා මුළු පරිසරයම ලස්සන වෙලා. සැම නිවසම හුනු පිරියම් කරලා ගොම, මැටි ගාලා අලුත් සිරියක් ගේනවා. ලොකු පොඩි සියලුම දෙනාට අලුත් ඇඳුම් පැලඳුම් අරගෙන සිත සතුටින් පිරෙනවා. පරණ තරහ මරහා අමතක කරන දුර නෑදෑයෝ දැක බලාගත්හ.
සිංහල හා හින්දු දෙගොල්ලන්ගෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර බොහෝ දුරට එක සමාන යි. අවුරුදු දවසට සියලු දෙනාගේම නිවෙස්වල සියලු වැඩ කටයුතු කෙරෙන්නේ නැකතට අනුව යි. පුණ්‍ය කාලය, ලිප ගිලි මෙලවීම, ආහාර අනුභවය හා වැඩ ඇල්ලීඹ, හිසතෙල් ගෑම, රැකිරක්ෂා සඳහා පිටත්වීම යන සියලු කටයුතු එකම වෙලාවට සිදුවේ. ඒ වගේම සියලු දෙනා එකට එකතු වී අවුරුදු උත්සවය පවත්වති. පැරණි අපේ ජන ක්‍රීඩා වගේ ම සියලු දෙනා එකට එකතුවීමත් අලුත් දේවල් එකතු කර ගනිමින් සතුටින් මේ දින කිහිපය ගත කරනවා.
චමෝදි දෙව්මිණි,
11 ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |