අපේ ලොව

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:18 - {{hitsCtrl.values.hits}}  

  මිහිපිට දෙව්ලොවක සිටින්නාක් මෙන් අපි අපේ පුං චි ලෝකයේ සතුටින් ජීවත් වෙමු. මවුපියන් අප වෙනුවෙන් වෙහෙසෙද්දී, ගුරැවරැන් අප වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරද්දී වැඩිහිටියන් අප පිළිබඳව සැලකිලිමත් වෙද්දී අපට කළ යුතු ව ඇත්තේ මහන්සියෙන්  උනන්දුවෙන් යුතුව ශිල්ප සතර හැදෑරීම පමණි.
    ආහාර සෙවීමට අපට අවශ්‍ය නැත. මිල මුදල් උපයා ගැනීමට වෙහෙස වීමට අපට අවශ්‍ය නැත. ඒ සියල්ල ම අපට ලැබෙන නිසා අප මොනතරම් වාසනාවන්ත ද? ඇඳුම් පැලඳුම් හා සෙල්ලම් බඩු ද අපට ලැබේ. 
    මා පිය තුරැලෙහි උණුසුම් වීමටත්, ඔවුන් හා එක්ව ගමන් බිමන් යාමටත්, නිදහසේ කෙළි දෙලෙන් ගත කිරීමටත් ලැබීම ඉමහත් භාග්‍යයකි. කඳුළින් තොර පුංචි අපේ ලෝකය ඉතාමත් ම ප්‍රියජනක ය. සැහැල්ලු ය. යහළු යෙහෙළියන් හා රණ්ඩු කරගත්ත ද එය ද මොහොතකට පමණි. සතුට, විනෝදය, සෙනෙහස නොඅඩු පුංචි ලෝකය තව තවත් සුන්දර කර ගනිමු.

අමන්ත චාමර රණසිංහ
8 ශ්‍රේණිය,
ර/ඇහැළියගොඩ ජාතික පාසල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...