අම්මාගේ සෙනෙහස

2025 ජනවාරි මස 24 ප.ව. 12:02 - {{hitsCtrl.values.hits}}  

    ලෝකය තැනී ඇත්තේ මවගේ කිරිවලින් සහ හිරැගේ රුස්වලිනි - මක්සිම් ගෝර්කි කියා තිබේ.
පුංචි අපි උපතේ සිට සැමදා නොඅඩුව භුක්ති විඳිනුයේ අපමණ වූ අම්මාගේ සෙනෙහස යි. ලෝකයේ මවු සෙනෙහස පිළිබඳ ලියැවුණු කවි , ගී, පොත්පත්, කතන්දර අප්‍රමාණ යි. එහෙත් මවු සෙනෙහස කියා නිම කළ නොහැකි යි.  
මවක දරැවාට අති ආදරය නිසා ම ලේ කිරි බවට හරවා දරැවාව පෝෂණය කරන බව කියයි. මෙය මිනිස් ලෝකයට පමණක් නොව තිරිසන් ලෝකයටත් පොදු කාරණාවකි. දස මසක් කුස දරා ගෙන සිට බිහි වූ පසුවත් අප්‍රමාණ දුක් විඳිමින් අප පෝෂණය කරන්නේ අම්මාගේ සෙනෙහස නිසා ය. හිරැටත් පෙර පිබිදී බොහෝ මහන්සි වි පුංචි අපට ආහාර පිසදෙන්නේ ඇගේ සෙනෙහස නිසා ය. දරැවන් වෙනුවෙන් ජීවිතය පිදීමට වුව දමවක් පසුබට නොවන්නී ය. මෙවැනි සෙනෙහසක් අපට පිදූ අම්මාට අපි දීර්ඝායුෂ පතමු.

විනුජි කුරැකුලසූරිය
5 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...