ආදර තාත්තා

2024 දෙසැම්බර් මස 23 ප.ව. 09:16 - {{hitsCtrl.values.hits}}  

අම්මා හැරැණු විට මා ඉපදුණු දා සිට මගේ සැපදුක් සොයා බලා මා හැමවිටම සතුටින් තැබීමට උත්සාහ කළේ මගේ ආදරණීය පියාණන් ය. දිවා රූ නොබලා දහදිය වගුරා දුක් මහන්සි වන්නේ අපව සතුටින් තැබිය  යුතු නිසාවෙනි. බොහෝ දුක් ගැහැට මැද ඔහු මාගේ සියලු අවශ්‍යතා සපුරා දුන්නේ ය. ඔහු මට සෙනෙහසෙ නොපෙන්නුවාට ඔහු හද තුළ මා කෙරෙහි ඇති සෙනෙහස මම දනිමි. දුක් විඳිමින් අප පාසලට පන්තියට යවන්නේ අපට හොඳින් ඉගැන්විය යුතු නිසා ය. ඔහු නොකා අපට කවන්නේ අපේකුසගිනි නැති කිරීමට ය. 
අප ඉඳහිට වැරදි කරන විට අපේ පියා දඬුවම් කරයි. අපි එවිට ඔහු සමග වෛර  බැඳීම නොකළ යුතු ය. ඔහු අපට දඬුවම් කරනුයේ අපේ වැරදි නිවැරදි කිරීමට ය. අපි හැමදාමත් අපේ පියවරැන්ට ආදරය කරමු. රුකගනිමු.

ඉඳුමිණි ගිම්හාරා
7 ශ්‍රේණිය,
මහාමාත්‍ය විද්‍යාලය, අතුරැගිරිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...