උදෑසන අසිරිය

2024 නොවැම්බර් මස 24 ප.ව. 12:35 - {{hitsCtrl.values.hits}}  

    කඳු ගැටයෙන් නැගගෙන හිරැ කුමරා මුළු පරිසරය ම ළා හිරැ රුසින් ආලෝකවත් කරයි. විකසිත වූ මල්වල මල් සුවඳින්  දසත ම සුවඳවත් කරයි. තණකොළ මත වැටී ඇති මුතු කැට මෙන් දිදුලන පිනි බිඳු අපේ සිත් ඇද බැඳ ගනියි. උදෑසන අවදි වූ විහඟුන් ආහාර සොයා පියාසර කරන්නේ විවිධ රටාවලටයි. ඒවා ඉතා ම අලංකාර ය. කුරැල්ලන්ගේ මිහිරි ගීත නාද නිසා මුළු උදෑසන ම ගීතවත් වෙයි.
    උදෑසන අවදි වූ ගොවියෝ කඩිසර කූඹි පේළියක් මෙන් කැති, උදලු රුගෙන පේළියට කුඹුර කරා ඇදෙති. පාසල් යන දරැ දැරියෝ කොක් රූනක් සේ පාසල වෙත යති. නිහඬව තිබූ මහා මාර්ගය රථ වාහනවල අධික ඝෝෂාකාරි ශබ්දයෙන් පිරී ඉතිරී යයි. උදෑසන සියල්ලෝ ම කුහුඹුවන් මෙන් කඩිසරව ක්‍රියා කරති.

සයුරි දෙව්මිණි
6 ශ්‍රේණිය,
ගා/රිපන් බාලිකා වි ද්‍යාලය,
ගාල්ල.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...