උදෑසන අසිරිය

2025 ජනවාරි මස 24 පෙ.ව. 02:20 - {{hitsCtrl.values.hits}}  

    අලුත් දවසක් කැන්දාගෙන හිරැ කුමරා ලොවට වඩින්නට සූදානම් ය. මද සුළඟට සෙලවෙන ගස්වැල් සුන්දර නැටුමක සිරි මවයි. සිහින් පිනි බිඳු කිහිපයක් විකසිත මල් කුමරියන් මත වැටී මුතු මෙන් බබළයි. පාට පාට මල් කුමරියෝ සුවඳ හලමින් හිරැ කුමරා පිළිගන්නට සැරසී සිටිති. කන්කලු මිහිරි ගී ගයමින් කුරැල්ලෝ  සංගීත සාද පවත්වති. සේපාලිකා මල් තණ පලස මත වැටී චමත්කාරජනක දර්ශනයක් මවාපායි. තවමත් විකසිත නොවූ මල් පොහොට්ටු හිරැ කුමරා පායා ඇද්දැයි බලයි.   
උදෑසන කෑම සොයා යන සියොතුන්ගේ නාදය මුළු පරිසරයම ගීතවත් කරයි. ළා හිරැ රුස් පොළොවට පතිත වන විට ශාක පත්‍ර උඩට වැටී ඇති පිනිබිඳු මුතු මෙන් දිලිසෙයි. කිරි කොක් රූනක් සේ ළමයි සිප්සතර ඉගෙනීමට පාසලට ඇදෙති. මෙතෙක් පැවැති නිසොල්මන් බව බිඳී දැඩි කලබලකාරි තත්ත්වයක් ඇති වි තිබේ.

තරැෂි කාවින්ද්‍යා පියුමාලි
5 ශ්‍රේණිය,
බප/හො/ කනිෂ්ඨ විද්‍යාලය,
හොරණ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...