එළවළු වගාව

2025 ජනවාරි මස 27 පෙ.ව. 09:53 - {{hitsCtrl.values.hits}}  

එදින පන්තියේ පාඩම වූයේ එළවළු වගාව යි. ගුරැතුමිය පාත්තියක් සාදා එහි එළවළු සිටවන අයුරැ කියා දුන්නා ය. මා පාසල නිම වී ගෙදර ආවේ එළවළු පාත්තියක් සාදා එළවළු වගාකරන අදහසිනි.
ගෙදර පැමිණි මම ගෙවත්තේ එළවළු පාත්තියක් සැදීමට සුදුසු තැනක් තෝරා ගත්තෙමි. පසුව ජලයත් පොහොරත් යෙදීමෙන් අනතුරැව මෑ, වම්බටු, වට්ටක්කා, තක්කාලි ආදි එළවළු ඇට සොයාගෙන පෙඟෙන්නට දැමුවෙමි.  මම පසුදින අවදි වී එම ඇට සිටවූවෙමි. එළවළු පැළ දිනෙන් දින දලු ලා වැඩුණි. මල් පිපී එළවළු පැළවල පල හට ගැනුණි. මගේ ගෙවත්තෙන් කඩාගත් එළවළු අම්මාට හා තාත්තාට පෙන්වූයේ ආඩම්බරයෙනි. ඉන් පසු මම නිකරැණේ ගෙවන කාලය වැයකොට එළවළු වගා කරන ආකාරය යහළුවන්ට ද කියා දුන්නෙමි.

ජසිත් ලක්නාදිත්
9 ශ්‍රේණිය,
අ/ශාන්ත ජෝශප් විද්‍යාලය,
අනුරාධපුර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...