කවුරුන් වුවද කතා නොකරන තාත්තාගේ වටිනාකම

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:21 - {{hitsCtrl.values.hits}}  

දරැවකු මෙලොවට බිහි කරන්නේ මවක් ය. කිරි දී පෝෂණය කරන්නේ ද මව ය. දරැවන් සමග නිතර ගැවසෙන්නේ ද මව ය. නිතර ම කතා බහේ යෙදෙන්නේ ද මව  පිළිබඳව ය. ඒත් තාත්තා ද ඊට නොදෙවෙනි  කාර්යභාරයක් තම දරුවා වෙනුවෙන් ඉටු කරයි. කෙසේ ද යත් දරැවකු පෝෂණය කරන්නේ මව ය. ඒත් ඒ පෝෂණය සඳහා අවශ්‍ය ආහාර සපයන්නේ පියා ය. දහදිය වගුරැවා අතෙහි කරගැට එන තෙක් වැඩවල නිරත වී මිල මුදල් සොයන්නේ  පියා ය. 
දරැවන් වන අපට පාසල් යෑම සඳහා අවශ්‍ය වන පොත් පාසල් භාණ්ඩ ආදි දෑ අප සපයා ගන්නේ පියා සොයනා මිලමුදලිනි. පියා නිවසේ ප්‍රධානියා ය. දරදඬු  තැනැත්තකු ලෙස තාත්තා හැඳින්වූවාට තාත්තාගේ සිතෙහි අප වෙනුවෙන් ඇති දරැ සෙනෙහස මෙලොව විනාශ වුව ද නැතිවන්නේ නැත. තම පවුල තම දිවි දෙවැනි කොට රකින තාත්තා සැබැවින් ම සිංහරාජයකුට දෙවැනි නැත.
තාත්තාගේ වටිනාකම මෙලොව දේවල් හා සැසඳිය නොහැකි ය. එනම් තාත්තා ඉතාමත් වටිනා වූ පුද්ගලයෙකි. මා උපදින හැම සසරෙම මගේ තාත්තා මගේ ම තාත්තා වී උපදින්නැයි මම ප්‍රාර්ථනා කරමි. කවුරැන් වුවද වැඩිපුර කතා නොකෙරැවාට තාත්තා ඉතාමත් වටිනා පුද්ගලයෙකි.

නෙත්මි නවෝදා කරැණාතිලක
10 ශ්‍රේණිය,
ව/ගිරි/ රතනාලංකාර මහා විද්‍යාලය, අලව්ව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...