කැඩුණු පුටුවක් කතා කරයි

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 06:24 - {{hitsCtrl.values.hits}}  

මම කැඩුණු පුටුවක් මි. මම ඉස්සර හොඳ ලස්සන කොළ පාටින් හැඩ ගැන්වුණු පුටුවක් මි. එම දිනවල 4ශ්‍රේණියේ රෝස පන්තියේ ය. එක් දිනක නරක ළමයෙක් ඇවිදින් මා ඇතුළු පුටු කිහිපයක් ගෙන පොළොවේ ගසා කඩා දැම්මේ ය. ඉන්පසු දවසේ මා සිටි පන්තියට පැමිණි ගුරැතුමිය මා ඇතුළු අනෙක් කැඩුණු පුටු පන්තියේ පසෙකට කර තබන ලෙස ළමයින්ට පැවසුවා ය. ඒ ළමයි මට සිනා සී පන්තියෙන් පිට වී ගියෝ ය. එහෙත් එම පාසලේ විදුහල්පතිතුමා මා ඇතුළු කැඩුණු පුටු ටික පුටුවියන මාමා කෙනෙකුට දී සාදා නැවත පන්තියේ තිබ්බේ ය. මට හරිම සතුටුයි. එදා සිට මම සතුටින් සිටිමි.

මිසල චිරන්දිත්
6 ශ්‍රේණිය,
කෑ/මාව/ පින්නවල මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...