2025 අප්‍රේල් මස 19 ප.ව. 07:34 - {{hitsCtrl.values.hits}}
මා හිමිදිරි පාන්දර නැගිට මුව දොවා නිල ඇඳුම හැඳ සපත්තු ද දමා පාසල වෙත පියවර මැන්නෙමි. උදෑසන පිනි බිඳුවලින් මගේ පා ඇඟිලි දෝවනය වන්නට විය. මගේ දෙපාවලට දැඩි සිසිලක් දැනුණි. සපත්තු දමා තිබියදීත් දෙපා තෙමෙන්නේ කෙසේදැයි මාගේ දෙපා සපත්තු කුට්ටමෙන් විමසුවේ ය. සපත්තු කුට්ටම දැඩි අසරණතාවට පත්ව වචනයකුදු නොකීවේය. ඉන්පසු මම පාසලට ගියෙමි. මම කැඩුණු සපත්තු දාගෙන පාසල් යන ළමයෙක්මි. කුලී වැඩෙන් එදා වේල සරිකර ගන්නා මගේ මවුපියන් මට සපත්තු තබා පොත්පත් ද අරන්දෙන්නේ ඉතා අපහසුවෙනි. පාසලේ ළමයි මාගේ ඇඟිලි පෙනෙන සපත්තු දැක මට සිනාසෙති. මගේ කුඩා සිත එවිට හඬා වැටෙයි. එවිට මම කිසිවෙකුට නොපෙනෙන තැනකට ගොස් සැඟවී හඬන්නෙමි. මා නිවෙසට එනවිට පාරේ ඇති ගල් කැබලිවල පාදය වැදී එය තවත් ඉරෙයි. මාගේ සපත්තු කුට්ටම වේදනාවෙන් හඬාවැටෙයි. ඉන්පසු මම ගෙදර විත් සපත්තු දෙක හොඳින් පිසදමා තබමි. සිවු වසරක් පුරා කඩිසර ලෙස කාර්යයේ නිරත වූ සපත්තු දෙක මරණ මංචකයේ සිටියි. ඔබ මට මේ කරන උපකාරය රටක් වටින බව මට සිතෙයි.
තනුක ආරියවංශ
10 ශ්‍රේණිය,
කලේටන් විද්‍යාලය.
![]() |
diary Read more... |