කැප්පෙටිපොළ නිලමේතුමා

2025 ජනවාරි මස 24 ප.ව. 03:12 - {{hitsCtrl.values.hits}}  

1815 මාර්තු 2 වැනි දින මුළු ලංකාවම ඉංග්‍රීසින් විසින් යටත් කරගන්නා ලදී. ඔවුහු සිංහල මිනිසුන් විශාල වශයෙන් මරා දමා අපගේ සම්පත් සියල්ල ඔවුන්ගේ රටට ගෙන ගියහ. ඊට විරැද්ධව ඌව වෙල්ලස්ස, වලපනේ කැරුල්ලට නායකත්වය දුන්නේ වීර කැප්පෙටිපොළ නිලමේ තුමාය. දිගින් දිගටම ඉංග්‍රීසින්ට විරැද්ධව සටන් වැදුණු මොහු 1815 ඔක්තෝබර් මාසයේ ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත්විය. පසුව 1818 නොවැම්බර් 25 වැනි දින මෙම විරැවාගේ හිසගසා මරා දමන ලදී. ඒ අනුව 2018 නොවැම්බර් 25 වැනි දිනට මොහු ජාතිය වෙනුවෙන් දිවිපුදා වසර 200 ක් ගතව ඇත. කැප්පෙටිපොළ නිලමේ තුමාගේ හිස් කබල ඔවුන්ගේ රටට ගෙනගිය අතර 1848 දී එය නැවත අප රටට ලැබිණ. එය ශ්‍රී දළදා මාලිගා භූමියේ ස්මාරකයක් තුළ තැන්පත් කර ඇත.

ජී.ජී.සංජානා ඉඳුවරී
4 වැනි ශ්‍රේණිය,
බප/ජය ජනාධිපති ප්‍රාථමික විදුහල,
නාවල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...