කියවීමේ වැදගත්කම

2024 දෙසැම්බර් මස 22 ප.ව. 09:41 - {{hitsCtrl.values.hits}}  

    කියවීම යනු බුද්ධිය ලබා ගැනීමට අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් එයින් කියවෙනුයේ පාඩම් පොත් පමණක් කියවීම නොවේ. ළමා කතා, චරිත කතා ආදි වටිනා සාහිතය පොත් පත් කියවීම ද මෙයින් කියැවේ. කියවීම ප්‍රගුණ කළ තැනැත්තා සැබැවින් ම ප්‍රීතිමත් පුද්ගලයෙකි. කියවීම දිනෙක ඔහුව සම්පූර්ණ මිනිසකු බවට නිසැක ය. තමාට වඩාත් ම විශ්වාසවන්ත සහෘදයන් ඔහු සමීපයේ සිටින බැවින් හෙතෙම කිසිදිනෙක හුදකලා නොවේ. වැඩියෙන් ම පොත පත ඇසුරැ කරන්නා කිසි දිනක පරාජිතයකු නොවේ. ඔවුහු  ජීවිතයට බොහෝ දේ හිමි කරගනිති.
    ඔවුහු සැබැවින් ම ධනවතුන් ය. සංවේදී බවින් අහිංසක උපහාස රසයෙන් ඔවුන්ගේ හදවත් පොහොසත් ය. ඔවුන්ගේ හදවත් පොහොසත් ය. ඔවුහු අනුන්ගේ දුක වේදනාව හඳුනති. ජීවිතයේ ඒකාකාරි නීරස බවක් දැනුණ විටක පොත් රාක්කයෙන් මිතුරකු, සඟයකු තෝරාගත හැකි ය. 

ඕෂධී රශ්මිකා ද  සිල්වා ගිනිගේ
8 ශ්‍රේණිය,
ගා/ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලය,

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...