කොහාගේ අසනීපය

2025 ජනවාරි මස 24 පෙ.ව. 04:38 - {{hitsCtrl.values.hits}}  

අවුරුද්ද එනකොට ඔයා වෙනදා කොහෝ කොහෝ ලස්සනට ගී ගයනවා. ඇයි දැන් කියන්නේ නැත්තේ යැයි දිනක් කෙවිලිය කොහාගෙන් ඇසීය.

මට අසනීප යි. ගී ගයන්න බැහැයි කෙඳිරිගාමින් කොහා ‘‘ඉක්මනට වෙද කොහා හම්බ වෙමුයි‘‘ කියා මේදෙදෙන ඔහුගේ කූඩුවට ගියෝ ය.

වෙද කොහා කොහාගේ පියාපත්උගුර ආදි පරික්ෂා කර බලා ‘කිසිම ලෙඩක් නැහැ‘ යි පැවසීය.

අනතුරුව ලෙඩ කොහා තමාගේ අසනීපය ගැන මෙසේ පැවසීය. මේ රටේ ඉන්න මිනිස්සු සත්ව සම්පතකට ඉන්න ඉඩ තියන්නේ නැහැ. පොලිතින් පුලුස්සනවා. ගස් කපනවා. ජලාශ අපවිත්‍ර කරනවා වගේ මුළු පරිසරය ම අපිරිසිදු කරනවා. මට මේවා කල්පනා කරලා මානසික පීඩනය හැදිලා. සතුටින් ගී ගයන්නේ කොහොමදැයි කෙඳිරිගාමින් කොහා කීවේය.


 

හේවගේ විශ්මි සංකේතා,

7 ශ්‍රේණිය,

කෑ/ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය, කෑගල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...