2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 03:30 - {{hitsCtrl.values.hits}}
මහ වැසි වැටෙන්නට පටන් ගත්තේ පෙර දින හැන්දෑවේ සිට ය. අහස ගොරවමින් ද, මහ සුළං හමමින් ද රාත්‍රිය මුළුල්ලේ තද වැසි ඇද වැටුණි. මහ විශාල පිනි බිංදු ය. මහ පාන්දර වේගයෙන් හමා ආ තද සුළඟට ගස් ද කඩා වැටිණි. විදුලි කෙටීම අකුණු ගැසීම ලොකු බියක් ගෙන දේ.
පසු දින උදෑසන වන විට ඇළ පිටාර ගැලුවේ ය. පාර ජලයෙන් යට විය. එහෙත් වැස්ස නතර වූයේ නැත. කුඹුරැ ද යට වන්නට විය. ජලය ටිකෙන් ටික ඉහළ ගියේ ය. කුඹුරැ වැවක් මෙන් ජලයෙන් පිරැණේ ය. ළමුන්ට පාසල් යාමට නොහැකි විය.
පීදී තිබුණු කෙත්වතු ජලයෙන් යට වන්නට විය. ගැමියන් සිටියේ ඉතා කුසගින්නේ ය. හවස් වන විට ජලය අඩු විය. ගැමියන් සිටියේ ඉතාමත් සතුටින්. ජලය අඩු වූ නිසා තම තමන්ගේ කටයුතු කරගෙන යන්නට විය. ගංවතුර පීඩා ගෙන දුන්න ද වැස්ස අපට ආශිර්වාදයක් ද වේ.
ශෂිනි නවෝද්‍යා
6 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය,
දේවාලේගම.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |