2025 අප්‍රේල් මස 19 ප.ව. 09:24 - {{hitsCtrl.values.hits}}
උදෑසනම අඳුර මැකී හිරැ පායන්නේ
කිචි බිචි ගා කුරැලු පැටව් ගීත ගයන්නේ
කන්ද උඩින් දිය කොමළිය ගලා හැලෙන්නේ
සිසිල් සුළං අලසකමත් මකා දමන්නේ
ගංගා ඇළ දොළ ගලා බසින්නේ
පුංචි පොකුණුවල නෙළුම් පිපෙන්නේ
පොඩි දරැවන් දැන් පාසල් යන්නේ
පාසල් ගොස් ඉතා හොඳින් අකුරැ කරන්නේ
වෙල් යායේ ගොයම් පැසී නැමී දිලෙන්නේ
කොක්කු රූන් දස දෙසටම පියඹා යන්නේ
ගීත ගයන්නේ අප දැන් ගයා නටන්නේ
ගම්මානෙ අසිරිය සිත් සේ විඳගන්නේ
නිවිසඳි විදාරා හේරත්
7 ශ්‍රේණිය,
ඩී.බී. විජේතුංග ජාතික පාසල.
![]() |
diary Read more... |