2025 අප්‍රේල් මස 03 පෙ.ව. 07:58 - {{hitsCtrl.values.hits}}
හිරැරුස් දිය බිඳක් සමග පසේ සාරය උරා පුංචි දල්ලක් බිමෙන් ඉහළට විත් සිනාසෙයි. හිරැ රුසින් ස්වර්ණ වර්ණව බබළන පත්‍ර කෙමෙන් වැඩි කර්කෂ පොළොවත් සිහිල් පවනත් හිමිව හුදකලාව කඳ මඳක් ඇඹරී විටෙක වළ ගැහී වැඩෙයි. පත්‍ර නැති එකල කුඩා කලදීම වියපත් පෙනුම පාමින් දිය ඉල්ලන්නාක් මෙන් දෑත් අහසට දිගු කරයි. නිල් අහස් කුස විගස හුදකලා බිම දෙස බලා හඬන්නාක් මෙන් වැසි දිය හෙළයි. ඒ දියෙන් නැවුම් ව නැගි අතු පැලී දලු ලියලා අහස් කුස සිඹින්නට තැත් කරන සේ ඉහළට හැරී දිලෙයි. කලක් වැඩි හෝ පීඩිතව නැගී සියොතුන්ගේ නිවහන වන්නේ හුදකලා බිමේ එකම හරිත වර්ණය හෙයිනි. කලක වැඩී හැඩකාර වූ ඔහු දැන් ඉකිබිඳියි. වියපත් ව කාටත් උරැම දිවිය තමාටත් අත්වන බැවිනි. තවමත් තනිවම සකලයන්ගේ ගී හරැක්වත් නොමැතිව කඳ පමණක් ඉතිරිව නැගී සිටියි. දිනක හුදකලා බිම වැලඳගන්නා ඔහු නැති වුවත් නව දල්ලක සිහිනය පසට ඇත්තේ පාළුව මකා ගන්නට ය.
තාරැකා සෙව්වන්දි
13 ශ්‍රේණිය,
ර/ඇඹි/මුල්ඇඬියාවල මහා විද්‍යාලය,
ඇඹිලිපිටිය.
![]() |
diary Read more... |