දළදා පෙරහර

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 05:56 - {{hitsCtrl.values.hits}}  

ඇසළ මාසය හෙවත් ජූලි මාසයේ දී දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් මුල්කොට ගෙන අලංකාර පෙරහර පැවැත්වෙයි. දේශීය ජනයාගේ මෙන්ම විදේශකයන්ගේ ද ආකර්ෂණයට ලක් වූ මෙම පෙරහර සංස්කෘතිකාංගයකි. මහනුවර මෙන්ම කතරගම, දෙවි නුවර, අලුත් නුවර, නවගමුව, රත්නපුරය ආදි ස්ථානවල ඇසළ පෙරහැර පැවැත්වේ. ඉතා උත්කර්ෂවත් ඇසළ පෙරහර මහනුවර දළදා මාලිගාවේ පෙරහරයි. දළදා පෙරහැර නර්තනාංග රුසකින් සමන්විතය. මහනුවර දළදා පෙරහරේ උඩරට නර්තනාංග මෙන්ම අලි ඇතුන් රුසක් ද දැක බලා ගැනීමට හැකිවිය.

චමෝදි දෙව්මිණි
11 වැනි ශ්‍රේණිය,
බෝමිරිය ජාතික පාසල,
කඩුවෙල.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...