පරිගණක ක්‍රීඩාවලින් නැසෙන අපේ අනාගත ළමා පරපුර

2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 01:27 - {{hitsCtrl.values.hits}}  

දිනෙන් දින දියුණුවන තාක්ෂණය නිසා නව පරිගණක ක්‍රීඩා නිර්මාණය වී ඇත. පරිගණක ක්‍රීඩාවලට ළමයින් ඇබ්බැහි වීම හෙවත් ඒවාට ආස කිරීමෙන් ඉගෙන ගැනීමට බාධාවක් වේ. ඒවගේම සෞඛ්‍යය අහිතකර වේ. සෞඛ්‍යයට අහිතකර වීමට හේතුව දවසෙන් භාගයක් පමණ ගෙවන්නේ පරිගණක ක්‍රීඩා සමග නිසා ඇස්වල පෙනීම දුර්වලවීම, විවිධ ආබාධවලට ලක්වීම සිදුවිය හැකි බැවිනි.
අතීතයේ මෙවැනි දෑ නොතිබූ හෙයින් ස්වාභාවික ක්‍රීඩාවලට ළමයි පුරැදු වී සිටියහ. ඒවායින් ඉගෙනීමට බාධාවක් එල්ල නොවෙන අතර සෞඛ්‍යයට හිතකර වේ. එයට හේතුව ශරීර ශක්තියද, වර්ධනය වෙමින් ඇඟට අවශ්‍ය ශක්තිය ලබා දීමයි. පරිගණක ක්‍රීඩා නිසි පාලනයක් ඇතිව දරැවන් අතට යාම සිදුවිය යුතුය. 

ආර්.රශ්මික අමන්ද රණසිංහ
8 වැනි ශ්‍රේණිය,
බප/පිළි/වේල්ස් කුමර විදුහල,
මොරටුව.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...