පරිසරයේ සුන්දරත්වය රැකගනිමු

2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:27 - {{hitsCtrl.values.hits}}  

    පරිසරයේ සුන්දරත්වය ස්වභාවධර්මයෙන් අපට ලැබුණු දායාදයකි. එමගින් අපට ලැබෙනුයේ අසීමිත වින්දනයකි. බර්නාඩ් ෂෝ නමැති ඉංග්‍රීසි කවියා ශ්‍රී ලංකාව පාරාදීසයක් ලෙස  දුටුවේ පරිසරයේ සුන්දරත්වය නිසා ය. විදේශීය සංචාරකයන් අප රට කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ ද මේ නිසා ය. මලින් පලින් පිරැණු තුරැලිය පරිසරයේ සුන්දරත්වය ඇති කරයි. අපේ පවස නිවාලන පිරිසුදු දිය දහර ලැබෙන්නේ ද  තුරැලිය නිසා ය. පරිසරයේ දැඩි තාපය නිවා මද පවන ගෙන දෙන්නේ ද තුරැලිය යි.    අප විසින් පරිසරයට එක් කරන පොලිතින් ප්ලාස්ටික් නිසා පරිසරයේ සුන්දරත්වය කෙලෙසී යයි. වගාවක් රුකගැනීමට යොදනු ලබන කෘමිනාශක නිසා මරණයට පත්වන සත්ව ගහණය අපමණ ය. 
හිස් කෘමිනාශක බෝතල් ජලයට විසි කිරීම, කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍ය මෙන්ම වාහනවලින් පිටවන අධික ශබ්දය, දුම ද අඩු කිරීමට පියවර ගත යුතු ය.  පරිසරයේ සුන්දරත්වය රුකගැනීමට අපි ම උනන්දු වෙමු.

කෞමදි ප්ලාවියා
10 ශ්‍රේණිය,
මාර/මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල,
මොරවක.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...