2025 අප්‍රේල් මස 19 ප.ව. 01:44 - {{hitsCtrl.values.hits}}
විටෙක මගේ මවුපියන් බඳු වූ තවත් විටෙක මගේ හදවත බඳු වූ ස්වභාවධර්මයේ අපූර්ව වූ නිර්මාණයකි පරිසර ය.කෙතරම් අපූර්ව නිර්මාණයක් වුව ද වර්තමානයේදී ඉතා වේගයෙන් මකර මුඛයට ඇද යන අංගයක් ලෙස ද පරිසරය අපට නම් කළ හැකිය. අපට ජීවත් වීමට අවශ්‍ය හුස්ම පොද පවා ලබා ගන්නේ මේ පරිසරයෙනි. එමෙන්ම අපට ජීවත්වීමට අවශ්‍ය ප්‍රණීත ආහාර ද අපට මේ පරිසරයෙන් ලබා දෙයි. එපමණක් නොව සතුනට වාසස්ථාන ද ජීවීන්ට සෙවණ හා ඖෂධ ද ලබා දෙන්නේ අපෙන් ස්වභාවධර්මය,”පරිසරය ආරක්ෂා කිරීම “යන ප්‍රතිඋපකාරය ඉල්ලා සිටීමට විය හැකිය. ඒත් මෙ ලොව වෙසෙන මනස දියුණුම ජීවියා ලෙස මිනිසා කළගුණ නොදත් සේ පරිසරය විනාශ කර දමන්නේ හදවතේ කුඩා හෝ අනුකම්පාවක් ද නැතිවය. වර්තමානයේදී දෛනික අවශ්‍යතා සඳහා අපට මෙම පරිසරයේ තිබෙන සම්පත් අවශ්‍ය වේ. එහෙත් ඒවා ගත යුත්තේ විධිමත් ලෙස ය. එක ගසක් කැපූ විට ගස් දහසක් වත් සිටුවීමට අප පුරැදු වී සිටිය යුතු ය.ඊට අමතරව අවිධිමත් ගොඩනැගිලි ඉදිකිරීම නවතා අප ද්‍රව්‍ය වායුගෝලයට හෝ ජලයට ක්‍රමවත් ව මුදා හැරිය යුතුය.පොලිතින් භාවිතය සීමා කොට පොලිතින් පරිසරයට මුදා හැරීම නැවැත්විය යුතුය.කෙසේ හෝ අප පරිසරයට යම් අවැඩක් කළ ද ඒවාට පරිසරය දඬුවම් දෙන බව ද අප සිහියේ තබාගත යුතුය. ඊට උදාහරණ ලෙස පසුගිය කල ඇති වූ ගංවතුර , නායයෑම්, සුළි සුළං, භූමිකම්පා, කුණු කඳු පෙරළීම ආදිය ගත හැක.අප මෙසේ සුව විඳින ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණය වූ පරිසරය මතු පරපුරටත් දැක බලා ගැනීමට තමාගේ ඇස් දෙක මෙන් රුක ගනිමු.
ශමිදු දෙව්රංග
10 ශ්‍රේණිය,
මහින්ද විද්‍යාලය, ගාල්ල.
![]() |
diary Read more... |