පරිසර අසිරිය රැකගනිමු

2025 ජනවාරි මස 24 ප.ව. 12:02 - {{hitsCtrl.values.hits}}  

පරිසරය යනු අප ජීවත් වන වටපිටාව යි. මේ වටපිටාව නොහොත් පරිසරයේ ශාක, සතුන්, ගංගා, දියඇලි, වැව්, අමුණු, ඇළ දොළ, මානවයා වැනි දේ අයත් වේ. එහෙත් මිනිසා පරිසරයේ ඇති මෙම වස්තු විනාශ කරයි. ඒවා පරිසර නීතියට පටහැනි දේවල් ය. අපට පමණක් නොවේ ශාක හා සතුන්ටත් ජීවත් වීමේ අයිතිය ලැබී ඇත. අපට ආශ්වාසයට හිතකර වාතය ලැබෙන්නේ ද  පරිසරයෙනි. 
    අපි උදෑසන දහවල් සවස රාත්‍රි විවිධාකරයෙන් පරිසරයේ සුන්දරත්වය විඳිමු. මල් පිපෙනවා, මල් පරවෙනවා, සතුන් කෑම සොයා යනවා, ආපසු එනවා, ඉර පායනවා, ඉර බසිනවා, සඳ සහ තරැ පායනවා යන මේවා දිනපතා ම පරිසරයෙන් අප විඳින සුන්දරත්වය යි.
    අපි මෙතෙක් වනතුරැ කළ පරිසර විරෝධී ක්‍රියා අද සිට අතහැර පරිසරය ආදරයෙන් සුරකිමු.

මලීෂා කුමාරි හඳගම
8 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...