2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 08:16 - {{hitsCtrl.values.hits}}
පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. මිහිතලය, වාතය, ගංගා, ඇළ දොළ ඇතුළු ජලධාරා ද සාගරය හා වෙරළ යන මේ සියල්ල පරිසරයේ ම කොටසකි. නෙත්කලු මල් පිපෙන, රසබර පල හැදෙන රමණීය තුරැලතා ද අයත් වන්නේ පරිසරයට ය. එබැවින් පරිසරය ස්වාභව ධර්මය නිර්මාණය කළ අනර්ඝතම දායාදය ලෙස හැඳින්වුවද වරදක් නැත. මේ පරිසරයෙහි මිනිස් අතින් නිමැවුණු බොහෝ දෑ තිබේ. වැව් අමුණු, වාරිමාර්ග, අභය භූමි, ආගමික ගොඩනැගිලි, නිවාස ආදි සියලු දේ ද අපේ පරිසරයට අයත් ය. අප හුස්ම ගන්නේ ද පරිසරයේ තිබෙන වාතයෙන් බව අමතක නොකරන්න. මෙතරම් අලංකාර, සුන්දර පරිසරයක වාසය කරන්න ලැබීම සැබැවින් ම අප ලද භාග්‍යයකි.
ඉසුරි කෞශල්‍යා ජයවික්‍රම
6 ශ්‍රේණිය,
කු/ රත්මල්ගොඩ මහා විද්‍යාලය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |